
නවසීලන්තයට අමතර ඉන්ධන තොග ගෙන්වා ගැනීමට නව වාණිජ ගිවිසුමක් ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කරන බව මුදල් අමාත්‍ය Nicola Willis මහත්මිය පවසයි. ඇය ඇමෙරිකාවේ සිට මාධ්‍යයට අදහස් පළ කරමින් කියා සිටියේ, මෙම ගිවිසුම රට තුළ ඉන්ධන සුරක්ෂිතතාව වැඩි කිරීම සඳහා වැදගත් පියවරක් බවයි.
📦 “ආරක්ෂිත ඉන්ධන සංචිතයක්” වෙනුවෙන් නව සැලසුමක්.
මෙම ගිවිසුම Australia භාවිතා කරන ක්‍රමයට සමාන වන බව සඳහන් වේ. ඊට අනුව, ඉන්ධන සමාගම් ඉන්ධන මිලදී ගන්නා අතර, එම ඉන්දන රැගෙන එන අවස්ථාවේදී මිළෙහි වෙනස්කම් සිදුවීමේ අවදානම රජය විසින් භාර ගනු ඇත.
අමාත්‍යවරිය පෙන්වා දුන්නේ,
“මෙය ජනතාවට අධික මූල්‍ය බරක් ඇති නොවෙන ලෙස සැලසුම් කර ඇති අතර, රටට අමතර ආරක්ෂිත ඉන්ධන තොගයක් ලබා දීමට අපි කටයුතු කරනවා,” යනුවෙනි.
🏭 Marsden Point හි ඉන්ධන ගබඩා වැඩි කරයි.
ඉදිරි මැයි මාසයේ අවසානය වන විට Marsden Point හි ලීටර් මිලියන 90ක අමතර ඉන්ධන ගබඩා ධාරිතාවක් ලබා ගත හැකි බවද ඇය මෙහිදී අනාවරණය කළාය.
කෙසේවෙතත්, Strait of Hormuz නැවත සම්පූර්ණයෙන් විවෘත නොවන තෙක් ඉන්ධන මිල ඉහළ මට්ටමක පවතින බවද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
🇺🇸 මුදල් අමාත්‍යවරිය ඇමෙරිකාවේදීද මේ ගැන සාකච්ඡා පවත්වා ඇත.
Washington DC හි පැවති සංචාරයේදී, අමාත්‍යවරිය Donald Trump ගේ ආර්ථික උපදේශක මණ්ඩලයේ නියෝජිතයෙකුද හමුවී තිබේ.
එහිදී ඇය පෙන්වා දුන්නේ:
👉🏻මැද පෙරදිග ගැටුම නවසීලන්ත ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කර ඇති බව
👉🏻ඇමෙරිකාවේ ක්‍රියාමාර්ග ලෝකයේ අනෙකුත් රටවලටද බලපාන බව
එමෙන්ම, ගිවිසුම් සහ සටන්විරාම කාලය පිළිබඳ නිශ්චිතභාවයක් ලබා දීමට ඔවුන්ට නොහැකි බවද ඇය පැවසුවාය.
නවසීලන්තය තවමත් යුද්ධය සම්පූර්ණයෙන්ම නවතා දැමීම සඳහා සහය දක්වන බවත්, ඒ සඳහා තමන්ගේ භූමිකාව ඉටු කිරීමට කැපවී සිටින බවත් අමාත්‍යවරිය ඔහු ඉදිරියේ වැඩිදුරටත් අදහස් දක්වා ඇත.
මෙම නව පියවර, ඉන්ධන හිඟය සහ මිල ඉහළ යාම මැඩපවත්වමින් රටේ බලශක්ති ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

0 Comments