
Auckland, Northshore ප්‍රදේශයේ මාර්ගයක මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් කණ්ඩායමක් විසින් පාසල් වයසේ දැරියන් කිහිප දෙනෙකුට සමීප වී ඇති බවට වාර්තා වූ සැක සහිත සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙම සිද්ධිය සිදුවී ඇත්තේ ඔවුන් දිනපතා ගමන් ගන්නා Devonport හි Kerr Street නම් මාර්ගයේදීය. වාර්තා අනුව, මෝටර් රථයේ සිටි පුද්ගලයන් කණ්ඩායමක් දැරියන්ට කතා කිරීමට සහ ඔවුන් වෙත සමීප වීමට උත්සාහ කර ඇති අතර, එය “සැක සහිත හැසිරීමක්” ලෙස පොලීසියට දැනුම්දී තිබේ.
මෙම සිද්ධියෙන් පසු, දැරියන් ආරක්ෂිතව සිටින බව තහවුරු කර ඇති අතර, පොලීසිය මේ වනවිට සිද්ධිය පිළිබඳ තොරතුරු රැස් කරමින් සිටී. එම පරීක්ෂණ සදහා සහය වශයෙන්, මෙම සිදුවීම ඇසින් දුටු හෝ ඒ සම්බන්ධ තොරතුරු ඇති අය සිටී නම් ඉදිරිපත් වන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඊට අමතරව නිර්නාමික තොරතුරු ලබාදීම සදහා 0800 555 111 අංකය ඔස්සේ සම්බන්ධ වියහැකි බවටත් පොලිසිය දන්වා ඇත.
බලධාරීන් පවසන්නේ, මෙවැනි සිද්ධීන් දැඩි ලෙස සැලකිල්ලට ගන්නා බවත්, විශේෂයෙන්ම ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු අවදානමක් නොතබන බවත්ය. මීට අමතරව පාසල් සිසුන්ට සහ දෙමාපියන්ටද අවධානයෙන් සිටින ලෙස උපදෙස් ලබාදී ඇත.
මෙම සිද්ධිය හේතුවෙන්, ප්‍රදේශයේ ජනතාව අතර කනස්සල්ලක් මතුවී ඇති අතර, පොලීසිය සුරක්ෂිත පරිසරයක් තහවුරු කිරීම සඳහා අමතර පරීක්ෂණ සහ නිරීක්ෂණ වැඩි කර ඇති බව සඳහන් වේ.
මෙවැනි සිද්ධීන් අවම කිරීම සඳහා සමාජයම එකමුතුව අවධානයෙන් සිටීම වැදගත් වන අතර, සැක සහිත හැසිරීම් දක්නට ලැබුනහොත් වහාම පොලීසියට දැනුම් දීම අත්‍යවශ්‍ය බව බලධාරීන් වැඩිදුරටත් අවධාරණය කරයි.

0 Comments