
සිරකරුවන් ප්‍රවාහනය කරමින් තිබූ ආරක්ෂිත වෑන් රථයක් තුළ සිටි සිරකරුවන් දෙදෙනෙකු ඉතා සූක්ෂම ලෙස තම කුටිවලින් මිදී පලායාමේ පුවතක් පසුගියදා නවසීලන්තයෙන් වාර්තාවුනා. මෙම සිදුවීමත් සමඟ එරට බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැඩි කැලඹීමකට පත්ව ඇති අතර, දැඩි ආරක්ෂාවක් සහිත වෑන් රථයකින් මෙලෙස සිරකරුවන් පැන ගියේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට විශේෂ සමාලෝචනයක් ආරම්භ කර තිබෙනවා.
මෙම සිරකරුවන් දෙදෙනා වෑන් රථය තුළ තිබූ ඔවුන්ගේ විශේෂිත කුටිවලින් පැන ඇති අතර, ආරක්ෂක නිලධාරීන්ට පවා නොදැනෙන ලෙස ඔවුන් මෙය සිදු කර ඇත්තේ කෙසේද යන්න බලධාරීන්ට විශාල ගැටලුවක් වී ඇත. මෙම සිදුවීම නිසා මහජන ආරක්ෂාව පිළිබඳව ද ප්‍රශ්න මතු වී ඇති පසුබිමක, බන්ධනාගාර පද්ධතියේ පවතින ආරක්ෂක දුර්වලතා පිළිබඳව සොයා බැලීමට බලධාරීන් පියවර ගනිමින් සිටියි.
පැන ගිය සිරකරුවන් අල්ලා ගැනීමට පොලිසිය සහ ආරක්ෂක අංශ මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර, මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබෙයි.

0 Comments