← BACKCrime

පීසා කෑල්ලටයි, වොඩ්කා වීදුරුවටයි රැවටුනු බාලවයස්කාර දැරිය.දූෂකයාට එරෙහිව නඩු!

BY DhanushPUBLISHED APRIL 28, 20261 MIN READ0 COMMENTS

පීසා සහ වොඩ්කා ලබාදෙන බව පවසා බාලවයස්කාර දැරියක රවටා ගෙන ගොස් ඇයව ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට ලක්ව සිටින ඩොනී මෝසස් (Donny Moses) නමැති පුද්ගලයාගේ නඩු විභාගය හැමිල්ටන් මහාධිකරණයේදී ආරම්භ විය. මෙහිදී රජයේ නීතිඥවරුන් පෙන්වා දුන්නේ මොහු ඉතා සැලසුම් සහගතව ආහාර සහ මත්පැන් පෙන්වා මෙම දැරියගේ විශ්වාසය දිනාගෙන ඇති බවයි. දැරිය මත්පැන් පානය කිරීමෙන් පසු ඇය සිටි අසරණ තත්ත්වයෙන් ප්‍රයෝජන ගෙන මොහු මෙම අපරාධය සිදුකර ඇති බවට අධිකරණයේදී කරුණු අනාවරණය විය.

මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී දැරිය දැඩි ලෙස මත්පැන් පානය කර සිටි බැවින් ඇයට කිසිදු ඇකමැත්තක් ප්‍රකාශ කිරීමට තරම් සිහියක් නොතිබූ බව නඩු පවරන්නන්ගේ තර්කය වී තිබේ. කෙසේ වෙතත්, විත්තිකාර ඩොනී මෝසස් තමන් නිවැරදිකරු බව පවසමින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. වෛද්‍ය වාර්තා සහ සාක්ෂිකරුවන් ගණනාවකගේ සහභාගීත්වයෙන් මෙම නඩු විභාගය ඉදිරි දින කිහිපය තුළද පැවැත්වීමට නියමිතය. වින්දිත දැරියගේ ආරක්ෂාව උදෙසා ඇයගේ අනන්‍යතාවය හෙළි නොකිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ලිංගික ප්‍රචණ්ඩත්වයට හෝ අපයෝජනයට ලක් වූ ඕනෑම අයෙකුට උපකාර අවශ්‍ය නම්, නවසීලන්තයේ 0800 044 334 යන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වී, නොමිලේ උපදේශන සේවා ලබාගත හැකි බව ලක්කිවි අපි කාරුණිකව දැනුම් දෙන්නෙමු.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *