
නවසීලන්තයේ සංක්‍රමණික උපදේශිකාවක ලෙස කටයුතු කළ කියැන් යූ (Qian Yu) නමැත්තිය විසින් සිදුකරන ලද මහා පරිමාණ මූල්‍ය වංචාවන් සහ වෘත්තීය විෂමාචාරයන් හේතුවෙන්, ඇයට නවසීලන්ත ඩොලර් 25,000ක අමතර දඩයක් සහ වන්දි ගෙවන ලෙසට නවසීලන්ත විනය මණ්ඩලය නියෝග කර තිබේ. ඇය “රැවටීමක්” මගින් අසරණ සංක්‍රමණිකයන් ගොදුරු කරගත් බවට තහවුරු වී ඇති අතර, ඇයගේ බලපත්රයද මේ වන විට අවලංගු කර ඇත.
ඇය විසින් සිදුකරන ලද ප්‍රධාන වංචාව වූයේ පවතින රැකියා සම්බන්ධයෙන් ව්‍යාජ ලේඛන සකස් කරමින්, සංක්‍රමණිකයන්ට උසස් රැකියා සහ ඉහළ වැටුප් ලබා දෙන බවට පොරොන්දු වීමයි. ඇතැම් අවස්ථාවලදී සේවාදායකයින් ලවා තම දරුවන් පාසල් වෙත ඇරලවීම වැනි පෞද්ගලික වැඩ පවා කරවාගෙන ඇති බව පරීක්ෂණවලදී හෙළි විය. මේ චෝදනා සලකාබලා ඇයට නැවත කිසි දිනක මෙම ක්ෂේත්රයේ කටයුතු කිරීමට නොහැකි වන පරිදි ඇයගේ බලපත්‍රය අහෝසි කර ඇති අතර ඇයව වෘත්තියෙන් ඉවත් කර ඇත.
මෙම තීන්දුව මගින් අවධාරණය කෙරෙන්නේ සංක්‍රමණිකයන් සූරාකෑමට ලක්කරන ඕනෑම අයෙකුට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි.
මෙම සිදුවීම විදේශ රැකියා සඳහා නවසීලන්තය බලා යාමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස්වලට තම උපදේශකයන් තෝරාගැනීමේදී ඉතා ප්‍රවේශම් විය යුතු බවට කරන අනතුරු ඇඟවීමකි.

0 Comments