← BACKCrime

මගීන් අයුතු ලෙස ස්පර්ශ කර බස් රියදුරු කළ කලකෝළාහල!

BY Dhanush•PUBLISHED NOVEMBER 13, 2026•1 MIN READ•0 COMMENTS

ඕක්ලන්ඩ් නගරයේ බස් රථ මගීන්ට අයුතු ලෙස ඇඟපත ස්පර්ශ කිරීම, සේවා කාලය තුළ බස් රථය තුළ 14 හැවිරිදි දැරියක් සිර කර තැබීම සහ බරපතළ රිය අනතුරුදායක හැසිරීම් හේතුවෙන් සේවයෙන් පහකළ බස් රියදුරෙකු විසින් සිය රැකියාව ලබාගැනීමට කළ නීතිමය ඉල්ලීම එරට රැකියා සබඳතා අධිකාරිය (Employment Relations Authority) විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ.

රිට්චීස් බස් හෝල්ඩින්ග්ස් (Ritchies Bus Holdings) ආයතනයේ වසර විසිගණනක සේවා කාලයක් හිමි මයික් මුවර් (Mike Moore) නැමැති මෙම රියදුරු බරපතළ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් 2025 පෙබරවාරි මාසයේදී සේවයෙන් පහ කරනු ලැබීය.

පසුගිය දෙසතියක කාලය තුළ හෙළි වූ බරපතළ සිදුවීම් අතර, මුවර් සිය බස් රථයේ ගමන් කළ 14 හැවිරිදි දැරියක් රථය තුළම සිර කර දමා ආහාර මිලදී ගැනීමට යාම සහ නීතිවිරෝධී ලෙස රථය නැවැත්වීම හේතුවෙන් පොලීසියට මැදිහත් වීමට සිදුවීම කැපී පෙනේ. එමෙන්ම, තවත් මගී කාන්තාවකගේ අතින් අල්ලා නුසුදුසු ලෙස ස්පර්ශ කරමින් ඇගේ නිවස පිහිටි ලිපිනය ඉල්ලා සිටීම වැනි බරපතළ ලිංගික අතවරකාරී ක්‍රියාවන් ද ඔහු විසින් සිදු කර ඇති අතර, මෙම බියජනක තත්ත්වය නිසා අදාළ මගී කාන්තාව සිය බස් මාර්ගය පවා වෙනස් කර ගැනීමට කටයුතු කර ඇත. සීසීටීවී (CCTV) දර්ශන මඟින් ඔහුගේ මෙම අචාරධර්ම විරෝධී ක්‍රියා සහ රිය පදවන අතරතුර ජංගම දුරකථන භාවිත කිරීම ඇතුළු නීති විරෝධී රිය පැදවීම් පැහැදිලිවම තහවුරු වී තිබේ.

ආයතනික වාර්තාවන්ට අනුව 2022 ජූලි සහ 2025 ජනවාරි අතර කාලය තුළ පමණක් මුවර්ගේ විනය විරෝධී හැසිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 16ක් ලැබී ඇති අතර, මගීන් නුසුදුසු ලෙස ස්පර්ශ කිරීමේ සිදුවීම් 4ක් ද මීට ඇතුළත් වේ. මීට අමතරව, වයෝවෘද්ධ මගීන් බස් රථයේ අසුන් ගැනීමට පෙර රථය වේගවත් කිරීම නිසා තුවාල ලැබීම සහ වැරදි මංතීරුවක වාහන පදවා අවවාද ලැබීම වැනි බරපතළ රිය පැදවීමේ අනතුරු ද ඔහුගේ වාර්තාවේ සටහන්ව තිබුණි.

රැකියා සබඳතා අධිකාරියේ නිලධාරිනී රෙචල් ලාමර් (Rachel Larmer) පෙන්වා දී ඇත්තේ සමාගම විසින් අනුගමනය කළ ක්‍රියාපටිපාටිය සාධාරණ වන අතර, මෙවැනි බරපතළ විනය විරෝධී ක්‍රියා කළ සේවකයෙකු සේවයෙන් පහකිරීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම යුක්තිසහගත බවයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *