← BACKCrime

අලුත්ම වාර්තාවෙන් හෙළි වූ කම්පන සහගත මූල්‍ය වංචා!

BY Dhanush•PUBLISHED NOVEMBER 13, 2026•1 MIN READ•0 COMMENTS

පසුගිය වසර තුළ නවසීලන්ත වැසියන් අන්තර්ජාල වංචා [Scams] හේතුවෙන් ඩොලර් මිලියන 503.5 ක දැවැන්ත මුදලක් අහිමි කරගෙන ඇති අතර, වංචාවකට මුහුණ දෙන පිරිසෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් ඒවා සමඟ අන්තර් ක්‍රියා කර ඇති බව නවතම වාර්තාවකින් හෙළි වී තිබේ. ගෝලීය වංචා විරෝධී සන්ධානය [Global Anti-Scam Alliance] සහ නෙට්සේෆ් [Netsafe] ආයතනය ඒකාබද්ධව නිකුත් කළ 2026 වංචා පිළිබඳ රාජ්‍ය වාර්තාවට [State of Scams Report 2026: New Zealand] අනුව, නවසීලන්ත වැසියකු වසරකට වංචා උත්සාහයන් 88කට පමණ මුහුණ දෙන අතර ඉන් 83%ක්ම අවම වශයෙන් එක් වංචාවකට හෝ මුහුණ දී ඇත. වංචාකරුවන් මූලික වශයෙන් ඊමේල් (59%), කෙටි පණිවිඩ [Text messages] (44%) සහ දුරකථන ඇමතුම් (27%) ඔස්සේ ජනතාව සම්බන්ධ කර ගන්නා අතර, ජීමේල් [Gmail] (38%) සහ ෆේස්බුක් [Facebook] (35%) මඟින් මෙම වංචා බහුලව සිදුවන බව අනාවරණ වී තිබේ.

තමන්ට වංචාවක් පහසුවෙන් හඳුනාගත හැකි බවට වැඩිහිටියන් 73%ක් විශ්වාස කළද, වංචාවකට මුහුණ දුන් අයගෙන් 44%ක්ම ඒවා සමඟ අන්තර් ක්‍රියා කර ඇති අතර, එලෙස සම්බන්ධ වූවන්ගෙන් 23%කට මුදල් හෝ පුද්ගලික තොරතුරු අහිමි වී ඇත. සාප්පු සවාරි, නියෝජිතයන් ලෙස පෙනී සිටීම සහ ආයෝජන වංචාවන් හේතුවෙන් එක් අයෙකුට සාමාන්‍යයෙන් ඩොලර් 1,623ක් අහිමි වී ඇති අතර, 37%ක්ම එකම වංචාවකට බොහෝ සැරයක් ගොදුරු වී තිබේ. මෙම අත්දැකීම නිසා 60%ක පිරිසකගේ මානසික යහපැවැත්වීමට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, තමන් වංචාවකට ලක්ව ඇති බව 49%ක්ම දැනගෙන ඇත්තේ බැංකුවකින්, පවුලේ සාමාජිකයෙකුගෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් කළ දැනුම්දීමකින් පසුවය.

මීට ගොදුරුවූවන්ගෙන් 74%ක් වෙනත් පාර්ශ්වයකට මේ බව පවසා ඇතත්, පොලිසියට දන්වා ඇත්තේ 17%ක් පමණක් වන අතර, වැඩි පිරිසක් (51%) සිය මිතුරන්ට හෝ පවුලේ අයට පමණක් ඒ බව පවසා තිබේ. මුදල් අහිමි වූ අයගෙන් ආපසු ලබා ගැනීමට හැකි වී ඇත්තේ 42%කට පමණක් බව ද වාර්තාව පෙන්වා දෙයි. නෙට්සේෆ් ප්‍රධාන විධායක නිලධාරී බ්‍රෙන්ට් කේරි [Brent Carey] පෙන්වා දෙන්නේ දිනපතා අන්තර්ජාලය හරහා කටයුතු කරන පාරිභෝගිකයන් මත පමණක් වංචා වැළැක්වීමේ වගකීම පැවරිය නොහැකි බවත්, ඊට සම්බන්ධ ව්‍යාපාරික ආයතන ද පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීමට වැඩිපුර කටයුතු කළ යුතු බවත්ය.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *