← BACKUncategorized

දින 10ක් තුළ ජීවිත 18ක් බිලිගත් “මාරක මාවත්”රියදුරු ඔබ දැනගත යුතුම ඇත්ත! 🛑

BY DhanushPUBLISHED MAY 4, 20261 MIN READ0 COMMENTS

​නවසීලන්තයෙන් වාර්තා වන අතිශය කණගාටුදායක පුවතක් ලෝකයේම අවධානයට යොමු වෙලා. අප්‍රේල් 20 වැනිදා සිට ගෙවුණු දින 10ක් වැනි කෙටි කාලයක් තුළ මාර්ග අනතුරු 14කින් පුද්ගලයින් 18 දෙනෙකුට සිය ජීවිත අහිමි වී තිබෙනවා. 🕊️

ශ්‍රී ලාංකික අපිට නම් ලංකාවේදි නිතර අහල පුරුදු පුවතක් වුවද නවසීලන්තයේදී නම් ඉතා අහඹු සිදුවීමක් ලෙස මෙම දුක්ඛිත පුවත වාර්තා කරමි.

​මෙහි විශේෂත්වය වන්නේ මේ අනතුරු බොහොමයක් සිදුව ඇත්තේ වේග සීමා ඉක්මවා යාම නිසාම නොවීමයි. ඒ පිටුපස ඇති සැබෑ හේතු මොනවාද?

​⚠️ නවීන තාක්ෂණය තිබුණත් ඇයි මෙහෙම වෙන්නේ? (The Tech Trap)

​බොහෝ රියදුරන් තමන්ගේ නවීන වාහනවල ඇති ABS (Anti-lock Brakes) සහ Stability Control වැනි ආරක්ෂිත පද්ධති ගැන ඕනෑවට වඩා විශ්වාසය තබන බව විශේෂඥයින් පවසනවා.

​ABS ක්‍රියා කරන හැටි ඔබ දන්නවාද?

හදිසි අවස්ථාවකදී ABS ක්‍රියාත්මක වන විට බ්‍රේක් පැඩලය පතුලටම ගිලා බසිනවා. බොහෝ රියදුරන් ඒ අවස්ථාවේ කලබල වී බ්‍රේක් එකෙන් කකුල ඉවතට ගන්නවා. එය මාරක අනතුරකට අතවැනීමක්!

​ස්කීඩ් (Skid) වීමකදී පැරණි වාහනවල මෙන් නොව, නවීන වාහනයක් පාලනයෙන් ගිලිහී ලිස්සා යන විට ඔබ ස්ටියරින් වීලය හසුරුවන ආකාරය තාක්ෂණයට අනුකූල විය යුතුයි.

​🧠 “වේග සීමාව යනු ඉලක්කයක් නොවේ!”

​පොලිස් වාර්තා පෙන්වා දෙන්නේ වේග සීමාව පැයට කිලෝමීටර 100 වූ පමණින් සෑම විටම ඒ වේගයෙන්ම යා යුතු නැති බවයි.

​මාර්ගයේ ස්වභාවය, කාලගුණය සහ ඔබේ අවධානය අනුව වේගය පාලනය කරගත යුතුයි.

​”වේගය වැඩි වන තරමට, විනාශයත් වැඩියි” (The faster you go, the bigger the mess) – මෙය නිරන්තරයෙන් මතකයේ තබා ගත යුතු පාඩමක්.

​📵 අවධානය ගිලිහී යාම නිහඬ මාරයා ඉක්ම්න් වෙන්න හේතුවක්.

​අතේ තබාගෙන සිටින ජංගම දුරකථනය පමණක් නොව, වාහනයේ ඇති Hands-free තාක්ෂණය පවා රියදුරුගේ අවධානය 100%ක් මාර්ගයෙන් ඉවතට ගැනීමට සමත් බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. ඔබ 99%ක් අවධානයෙන් සිටියත්, ඒ මඟ හැරෙන 1% ජීවිතයක් නැති කිරීමට ප්‍රමාණවත්.

​😡 “Angry Drivers” – මාර්ගයේ කේන්තිය මරණයට අතවැනීමක්.

​ආතතිය සහ ඉක්මනින් ගමනාන්තයට යාමට ඇති දැඩි උනන්දුව නිසා රියදුරන් කලහකාරී ලෙස හැසිරීම අනතුරුවලට ප්‍රධාන හේතුවක්. “සන්සුන්ව සහ අවධානයෙන් රිය පදවන්න” යන්න මෙහි ඇති ප්‍රධාන පණිවිඩයයි. 🧘‍♂️

​💡 රියදුරු මිතුරන් වෙත කරන කාරුණික ඉල්ලීම.
පාරේ ඇති අනතුරු ඇඟවීමේ සංඥා වගේම ඔබේ මනස දෙන සංඥාවලටත් ඇහුම්කන් දෙන්න. ඔබට මහන්සි නම් හෝ අවධානය මදි යැයි හැඟේ නම්, මොහොතක් නතර වී විවේක ගන්න.

​ඔබේ ආදරණීයයන් ඔබ එනතුරු නිවසේ මඟ බලා සිටින බව අමතක කරන්න එපා! ❤️🛣️

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *