
2026 වසරේ මුල් භාගයේ යම් පසුබෑමක් දක්නට ලැබුණද, නවතම මෝනිංස්ටාර් (Morningstar) වාර්තාවට අනුව දීර්ඝකාලීන ආයෝජකයින් තවමත් ඉහළ ලාභ ලබමින් සිටී. මෙහිදී විශේෂයෙන්ම පිරිසිදු බලශක්ති (Clean Energy) සහ දැඩි වර්ධනයක් සහිත (Aggressive Growth) අරමුදල් පෙරමුණ ගෙන තිබේ.
2026 වසරේ පළමු කාර්තුව නවසීලන්ත වෙළඳපොළට යම් අභියෝගාත්මක කාලසීමාවකි. කෙසේ වෙතත්, වසරක් පුරා දත්ත දෙස බැලීමේදී බොහෝ ඉතිරිකිරීම් කරන්නන්ට සුබදායී පණිවිඩ ලැබී තිබේ.
✅ පිරිසිදු බලශක්තිය සහ තාක්ෂණයෙන් ලැබුණු දැවැන්ත පිම්ම.
වසරේ කැපී පෙනෙන දක්ෂතාවය පෙන්වූයේ Kernel’s Global Clean Energy අරමුදලයි. එය 87.9% ක දැවැන්ත ප්‍රතිලාභයක් වාර්තා කිරීමට සමත් විය. ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම සහ කෘතිම බුද්ධිය (AI) සඳහා අවශ්‍ය වන බලශක්ති ඉල්ලුම ඉහළ යාම මෙයට ප්‍රධාන හේතුව වී ඇත.
✅විවිධ අංශවල වාර්ෂික ප්‍රතිලාභ සසදාබැලීමේදී…
👉🏻Aggressive Funds : වාර්ෂිකව 12.1% ක ප්‍රතිලාභයක් ලබා දී ඇත. මෙහි පෙරමුණේ පසුවන්නේ Kernel’s High Growth අරමුදලයි (17.6%).
👉🏻Growth Funds : සාමාන්‍යයෙන් 9% ක ප්‍රතිලාභයක් ලබා දුන් අතර, Pie Funds 15.5% ක වර්ධනයක් පෙන්වීය.
👉🏻Balanced Funds : සාමාන්‍යයෙන් 8.5% ක ප්‍රතිලාභයක් වාර්තා කර ඇත.
👉🏻Default Funds : සාමාන්‍යයෙන් 8.8% කින් ඉහළ ගිය අතර Fisher Funds එහි පෙරමුණ ගත්තේය (10.1%).
👉🏻Conservative Funds : ආරක්ෂිත ආයෝජන ලෙස සැලකෙන මේවා 4.5% ක ප්‍රතිලාභයක් ලබා දුන් අතර ASB එහි ප්‍රමුඛයා විය.
🔴 බිට්කොයින් (Bitcoin) අරමුදල්වල පසුබෑමක්.
සෑම අංශයක්ම සාර්ථක වූයේ නැත. Koura’s Bitcoin අරමුදල මෙම වසරේ සැලකිය යුතු පසුබෑමකට ලක් වූ අතර එය වසර තුළ 19% කින් පමණ පහත වැටී ඇත. සාම්ප්‍රදායික ආයෝජනවලට වඩා ක්‍රිප්ටෝ මුදල් ආශ්‍රිත ආයෝජනවල ඇති අවදානම මෙයින් මනාව පැහැදිලි වේ.
මූල්‍ය විශේෂඥයින් පවසන්නේ කෙටි කාලීන වෙළඳපොළ උච්චාවචනයන් දැක කලබල නොවිය යුතු බවයි. පසුගිය දශකය දෙස බැලීමේදී, දැඩි වර්ධන අරමුදල් සාමාන්‍යයෙන් වසරකට 8.9% ක ස්ථාවර වර්ධනයක් පෙන්වා ඇත. එබැවින් ඔබේ විශ්‍රාමකාලීන අරමුණු අනුව නිවැරදි අරමුදල තෝරාගැනීම ඉතාමත්ම වැදගත් වේ.

0 Comments