← BACKEconomy

නවසීලන්ත තරුණියන් Digger පදවන්න පෝලිමේ, කාන්තාවන්ට විවර වූ ලක්ෂ ගණනක රැකියා!

BY DhanushPUBLISHED MAY 8, 20261 MIN READ0 COMMENTS

📍 නවසීලන්තයේ තරුණියන් වෘත්තීය තාක්ෂණික ක්ෂේත්‍ර කෙරෙහි උනන්දු කරවීම සඳහා ඉන්ග්ල්වුඩ් හි පැවැති ‘Women in Trades’ ප්‍රදර්ශනය විශාල ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ. සාම්ප්‍රදායිකව පිරිමින්ට පමණක් සීමා වූ බර වාහන ක්‍රියා කරවීම සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියා සඳහා නවසීලන්ත තරුණියන් සිය ගණනක් මෙහිදී සිය දක්ෂතා ප්‍රදර්ශනය කළහ.

📍 මෙහි ඇති විශේෂත්වය වන්නේ, හය ඉලක්කමේ ඉහළ වැටුප් සහිත මෙම ක්ෂේත්‍රයන් ගැන තරුණියන් මෙතෙක් දක්වා තිබූ බිය සහ ලැජ්ජාව ඉවත් කිරීමට මෙම ප්‍රදර්ශනය සමත් වීමයි. ප්‍රදර්ශනයට එක් වූ සිසුවියන් පවසා සිටියේ දැවැන්ත Digger යන්ත්‍ර පාලනය කිරීම වීඩියෝ ගේම් එකක් ක්‍රීඩා කරනවා සේ සරල සහ විනෝදජනක බවයි.

📍 වෘත්තීය තාක්ෂණික ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය පිළිබඳ සභාපතිනී කැට්රිනා මායෝ පවසන්නේ, කාන්තාවන් සෞඛ්‍ය සහ ආරක්ෂිත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඉතා ඉහළ සැලකිල්ලක් දක්වන බැවින් සේවා යෝජකයන් ඔවුන්ව බඳවා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන බවයි. දැනට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 15%ක කාන්තා නියෝජනයක් පැවතියද, සෘජුවම ක්ෂේත්‍රයේ වැඩ කරන කාන්තාවන් සිටින්නේ 3%ක් වැනි සුළු ප්‍රමාණයකි.

📍 මෙම ක්ෂේත්‍රයට එක් වූ කාන්තාවන් පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයටම සීමා නොවී, “ඉගෙන ගන්නා අතරතුර මුදල් සෙවීමට” ඇති හොඳම මග මෙය බවයි. එසේම තමන්ට ලෝකය වටා සංචාරය කිරීමට සහ පිරිමින් කරන ඕනෑම අසීරු කාර්යයක් කිරීමට තමන්ට හැකි බව සමාජයට පෙන්වීමට මෙය හොඳ අවස්ථාවක් බව ඔවුහු පවසති.

📍 Mt Messengerවැනි දැවැන්ත ව්‍යාපෘතිවල දැනටමත් 25%ක කාන්තා සේවක නියෝජනයක් පවතින අතර, ඉදිරියේදී නවසීලන්තයේ ශ්‍රම බලකාය තුළ කාන්තාවන්ගේ භූමිකාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *