
නවසීලන්තයේ නිවාස මිල ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් පහත වැටීමට ඉඩ ඇති බව ප්‍රධාන පෙළේ ආර්ථික විශ්ලේෂකයන් සහ බැංකු විශේෂඥයන් පවසති. ඉහළ යන පොලී අනුපාත, ඉන්ධන මිල ඉහළ යාම සහ ඉදිරි මැතිවරණයත් සමඟ ඇති වී තිබෙන දේශපාලන අවිනිශ්චිතතාවය මීට ප්‍රධානතම හේතු වී තිබේ.
📍වෙළඳපොළේ තිත්ත ඇත්ත
විකුණන්නන් පෝලිමේ – ගන්න අය නෑ: නිවාස අලෙවි නියෝජිතයන්ගෙන් 44%ක් පවසන්නේ තම ප්‍රදේශවල නිවාස මිල මේ වන විටත් පහත වැටෙමින් පවතින බවයි. මෙය 2022 වසරෙන් පසු වාර්තා වූ නරකම තත්ත්වයයි. බොහෝ අය සිය නිවාස විකිණීමට ලැයිස්තුගත කර තිබුණත්, ඒවා මිලදී ගැනීමට පැමිණෙන පිරිස 51% කින් පමණ පහත වැටී ඇත.
බැංකු පොලී අනුපාත (OCR) ඉහළට:මහ බැංකුව (RBNZ) විසින් නිල මුදල් අනුපාතය (OCR) 2.25% මට්ටමේ රඳවා ගෙන සිටියත්, උද්ධමනය පාලනය කිරීම සඳහා ජූලි මාසයේ සිට තවත් තුන් වතාවක් පොලී අනුපාත ඉහළ දැමීමට ඉඩ ඇති බව ANZ බැංකුව අනාවැකි පළ කරයි.
මිල 2% කින් පහළට: වසරේ මුල් මාසවල මිල සුළු වශයෙන් ඉහළ ගියත්, වර්තමාන ආර්ථික පසුබෑම හමුවේ 2026 වසර අවසාන වන විට නිවාස මිල සමස්තයක් ලෙස 2% කින් පමණ පහත වැටෙනු ඇතැයි විශ්වාස කෙරේ.
✨පළමු වරට නිවසක් ගන්න අයට අවස්ථාවක්?
“Squirrel” මූල්‍ය ආයතනයේ ප්‍රධානී ඩේවිඩ් කනිංහැම් පවසන්නේ, වෙළඳපොළේ විකිණීමට ඇති නිවාස ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් මෙය මිලදී ගන්නන්ගේ වාසියට හැරී ඇති බවයි. විශේෂයෙන්ම ඕක්ලන්ඩ් සහ වෙලින්ටන් වැනි නගරවල නිවාස කුලී පවා පහත වැටෙමින් පවතින බැවින්, නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයට වඩා හොඳින් මිල තීරණය කිරීමට අවස්ථාව ලැබී තිබේ.

0 Comments