
🔴 තෘතීයික අධ්‍යාපනය සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ ‘ගාස්තු රහිත’ප්‍රතිපත්තිය අහෝසි කිරීම සිසුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට “ඉතා බාධාකාරී” වනු ඇති බව හිටපු මුදල් අමාත්‍ය Grant Robertson මහතා පවසයි.
🔴 ජසින්ඩා ආර්ඩර්න්ගේ රජය යටතේ හඳුන්වා දෙන ලද මෙම යෝජනා ක්‍රමය, වත්මන් රජය විසින් අවසන් අධ්‍යයන වසර ආවරණය වන පරිදි මීට පෙර වෙනස් කර තිබුණි.
🔺 ඉදිරි අයවැයෙන් මෙම සහනය අහෝසි කරන බව මුදල් අමාත්‍ය Nicola Willis මහත්මිය තහවුරු කර ඇති අතර, මෙම වසරේ අධ්‍යයන කටයුතු අවසන් කරන සිසුන්ට පමණක් මෙහි සහනය හිමිවන බව ඇය සඳහන් කළාය.
🔺 මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අගමැති ලක්සන් මහතා පැවසුවේ, මෙම යෝජනා ක්‍රමය “අතිශයින්ම අසාර්ථක” එකක් බවත්, එම අරමුදල් වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය වෙත යොමු කිරීම වඩාත් යෝග්‍ය බවත්ය.
🔴 දැනට ඔටාගෝ විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කරන Grant Robertson මහතා පෙන්වා දෙන්නේ, පවතින ජීවන වියදම් අර්බුදය හමුවේ සිසුන් සහ දෙමාපියන් සිය මූල්‍ය සැලසුම් සකස් කර තිබුණේ මෙම සහනය බලාපොරොත්තුවෙන් බවයි.
🔺 විශ්ව විද්‍යාල හෝ polytechnic අධ්‍යාපනය ආරම්භ කිරීම මිල අධික කටයුත්තක් බවත්, මෙම සහනය ඉවත් කිරීම හරහා සිසුන්ට අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය සීමා විය හැකි බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

0 Comments