
📍 නවසීලන්තයේ Canterbury ප්‍රදේශයේදී 2014 වසරේදී සිදුවූ Soul Turany නමැති සති 16ක් වයසැති බිළිඳාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණයේදී අතිශය සංවේදී තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
📍 සිද්ධිය වූ දින උදෑසන බිළිඳාට එල්ල වූ දරුණු ප්‍රහාරයකින් හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරු තහවුරු කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ බිළිඳාගේ මරණය සිදුවූ මොහොතේ මව වන Storme Turany සහ ඇයගේ එවකට සිටි සහකරු වූ Tony Farmer අතර හුවමාරු වූ කෙටි පණිවිඩ (SMS) පිළිබඳවයි. දරුවා මියගොස් පැය කිහිපයකට පසු මව විසින් සිය පෙම්වතාට පණිවිඩයක් යවමින් පවසා ඇත්තේ “ඔයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැත්තේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ, සෝල් අපෙන් සමුගත්තා” යනුවෙනි.
📍 පොලිසිය සැක කරන්නේ මව හෝ ඇගේ එවකට සිටි සහකරු යන දෙදෙනාගෙන් එක් අයෙකු විසින් අනිවාර්යයෙන්ම මෙම මාරාන්තික ප්‍රහාරය එල්ල කර ඇති බවයි. කෙසේ වෙතත්, අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් මව පවසා සිටියේ තමා සිය දරුවාට කිසිදු හානියක් නොකළ බවත්, එවකට සිය පෙම්වතා කෙරෙහි තිබූ දැඩි විශ්වාසය නිසා ඔහු මෙය කළා යැයි තමාට සැක නොසිතුණු බවත්ය.
📍 එදින උදෑසන සිදුවූ ඇතැම් සිදුවීම් පිළිබඳව මවට පැහැදිලි මතකයක් නොමැති වීම සහ මීට පෙර අවස්ථාවක ඇය දරුවාව ඇඳ මතට “විසි කළ” බවට ඇගේ සොහොයුරිය කළ ප්‍රකාශය පිළිබඳවද නීතිඥවරුන් මෙහිදී ප්‍රශ්න කළහ. නමුත් ඇය එම සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබීය.
⚠️ මෙම අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් Tony Farmer නමැති පුද්ගලයා ද අද පස්වරුවේ අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතව ඇත.

0 Comments