
අපි උපන් ලංකාවේ විතරක් නෙවෙයි, දියුණුයි කියන නවසීලන්තයේ මිනිස්සුන්ටත් වතුර ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ කතාව නම් ටිකක් අමුතුයි!
නවසීලන්තයේ “හොඳම කරාම ජලය” (Best Tap Water) තෝරන තරඟයෙන් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්න නේපියර් (Napier) නගර සභාව සමත් වුණා. හැබැයි මේ සතුට සමරන්නත් කලින්, ඒ නගරයේම පදිංචි හේමිෂ් මැක්ලැගන් (Hamish McLagan) කියන පුද්ගලයා තමන්ගේ ගෙදර කරාමය ඇරියම පුදුම වෙලා තියෙනවා. මොකද ඒකෙන් ගලාගෙන ඇවිත් තියෙන්නේ බොර පාට, මඩ වතුර! 🤮
”මට ආසයි මේ තරඟයේ විනිසුරු මඩුල්ලට අපේ ගෙදර කරාමයෙන් ආපු වතුර ටිකක් රස බලන්න දෙන්න!” කියලා හේමිෂ් උපහාසයෙන් යුතුව පවසනවා.
🔍 මොකක්ද මේ සිද්ධිය?
📉 අතීත කතාව.
2017 – 2022 කාලයේදීත් නේපියර් වැසියන්ට මේ කිලුටු වතුර ප්‍රශ්නය තිබුණා. පස්සේ අලුත් වතුර ළිං හදලා, බට සුද්ධ කරලා ප්‍රශ්නය විසඳුවා කිව්වත්, මෙන්න ආයෙත් වැඩේ සිද්ධ වෙලා.
🤮 මඩ වතුර විතරක් නෙවෙයි.
සමහර දවස්වලට වතුර කහ-දුඹුරු පාට වෙනවලු, නැත්නම් අධික ක්ලෝරීන් ගඳක් එනවලු.
🤷♂️ නගර සභාවේ උපදෙස.
හේමිෂ් මේ ගැන පැමිණිලි කළාම නගර සභාව කියලා තියෙන්නේ “විනාඩි 20ක් කරාමය ඇරලා තියන්න, එතකොට හරියාවි” කියලා. හැබැයි එහෙම කළාම වතුර තවත් නරක අතට හැරිලා! අන්තිමට සේවකයෝ ඇවිත් ප්‍රධාන බටය සුද්ධ කළාට පස්සෙයි වතුර පිරිසිදු වෙලා තියෙන්නේ.
🪵 නගර සභාව කියන්නේ මොකක්ද?
එදා දවසේ විතරක් මේ වගේ පැමිණිලි 7ක් ලැබුණු බව නගර සභාව පිළිගෙන තියෙනවා. ඒ ප්‍රදේශයේ ජල නලයක කාන්දුවක් අලුත්වැඩියා කිරීම නිසා මෙහෙම වෙන්න ඇති කියලයි ඔවුන් කියන්නේ. කොහොම වුණත් මේ වතුරෙන් සෞඛ්‍යයට අනතුරක් නැති බවත්, දිගටම වතුර ඇර තැබීමෙන් එය යථා තත්ත්වයට පත්වන බවත් ඔවුන් පවසනවා.
ප.ලි: කිව්වත් වගේම, මේ තරඟයෙන් නේපියර් නගරයට ජයග්‍රහණය කරන්න ලැබුණේ නැහැ. “නවසීලන්තයේ හොඳම වතුර” තියෙන නගරය විදිහට සම්මානය දිනාගත්තේ මනවාටු (Manawatū) දිස්ත්‍රික් සභාවයි! 🥇
ඔයාලගේ පැතිවලටත් මේ වගේ ‘කෝපි පාට’ වතුර එන අවස්ථා තියෙනවද? පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න! 👇💬

0 Comments