
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික වෙළඳ, ආයෝජන සහ ව්‍යාපාරික සබඳතා නව මානයකට ඔසවා තැබීමේ අරමුණින් සංවිධානය කරනු ලබන “නවසීලන්ත – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය” (New Zealand-Sri Lanka Business Forum) එළඹෙන මැයි 29 වනදා පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබේ.
නවසීලන්තයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය (SLBANZ) සහ ඕක්ලන්ඩ් වාණිජ මණ්ඩලය (Auckland Business Chamber) එක්ව සංවිධානය කරන මෙම සුවිශේෂී ව්‍යාපාරික හමුව සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට නියමිතයි. එසේම නවසීලන්ත පාර්ශවයෙන් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයෙකු වන ගරු සයිමන් බ්‍රිජස් (Hon. Simon Bridges) මහතා ද මීට එක් වෙයි.
💡මෙම සංසදයේ ප්‍රධාන අරමුණු සහ ඔබට ලැබෙන සුවිශේෂී අවස්ථා.
✅ රාජ්‍ය තාන්ත්‍රික සහ ව්‍යාපාරික නායකත්ව උපදෙස්: දෙරටේම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රවීණ ව්‍යාපාරික නායකයන්ගෙන් නැඟී එන වෙළඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳව සෘජුවම දැනුවත් වීමට අවස්ථාව ලැබීම.
✅ නව ව්‍යාපාරික සබඳතා: ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ වෘත්තිකයන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් ඔබේ ව්‍යාපාරික ජාලය (Network) පුළුල් කර ගැනීමට ලැබෙන අනගි අවස්ථාවක් වීම.
✅ ද්විපාර්ශ්වික සහයෝගීතාව: නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර අනාගත ඒකාබද්ධ ව්‍යාපාරික සහයෝගීතාවයේ නව මංපෙත් ගවේෂණය කිරීම.
🔴 වැඩසටහනේ විස්තර:
👉🏻දිනය: 2026 මැයි 29, සිකුරාදා
⏰වේලාව: නවසීලන්ත වේලාවෙන් (NZT) පෙ.ව. 8:00 සිට.
🏯 ස්ථානය: Auckland Business Chamber, Level 3, 90 Symonds Street, Grafton, Auckland 1140.
⚠️ විශේෂ දැනුම්දීමයි: මෙම වැඩසටහන SLBANZ සාමාජිකයින් සඳහා පමණක් (Exclusive Members Only) වෙන් වූවකි. ආසන සංඛ්‍යාව සීමිත බැවින් ඔබගේ සහභාගීත්වය කල්තියා තහවුරු කරවා ගන්න.
ඔබ තවමත් ව්‍යාපාරික සංසදයේ ලියාපංචි වී නොමැති අයෙක් නම් තවමත් ඒ සදහා අවස්ථාව විවෘතයි. සංසදය සඳහා ලියාපදිංචි වීමට පිවිසෙන්න: https://shorturl.at/Ubmg3
දෙරටේ ව්‍යාපාරික ලෝකය යා කරන මෙම සුවිශේෂී අවස්ථාව මඟ නොහැර ගන්න!

0 Comments