
නවසීලන්තයේ Tauranga නුවර පදිංචිව සිටි 28 හැවිරිදි හාර්ලි ශ්‍රිම්ප්ටන් (Harley Shrimpton) නමැති තරුණයා, පාතාල කල්ලියකට (Gang) ගෙවීමට තිබූ ණය මුදලක් හේතුවෙන් ඉතා අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවට තොරතුරු එරට මහාධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.
2023 දෙසැම්බර් මාසයේදී අතුරුදන් වූවෙකු ලෙස සලකා ආරම්භ කළ පරීක්ෂණ, පසුව මිනීමැරුම් පරීක්ෂණයක් දක්වා දිග හැරුණේ ඔහුගේ සිරුර පෝරිපෝරි (Poripori) ප්‍රදේශයේ පාළු ඉඩමක මීටර 2ක් ගැඹුරු වළක වළ දමා තිබියදී සොයා ගැනීමත් සමඟයි.
🔍 සිදු වූයේ කුමක්ද?
- අයිස් මත්ද්‍රව්‍ය (Methamphetamine) ඇබ්බැහිය සහ ණය. ඝාතනයට ලක් වූ හාර්ලි, මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නිසා ඩොලර් 2,000ත් 5,000ත් අතර මුදලක් පාතාල කල්ලියකට ණය වී සිට ඇත.
• ‘ග්‍රීසි ඩෝග්ස්’ (Greazy Dogs) නමැති පාතාල කල්ලියේ සාමාජිකයෙකු වන 23 හැවිරිදි පිරිපි ටුකාඕකාඕ (Piripi Tukaokao) සහ ඔහුගේ සගයෙකු විසින් හාර්ලිගේ හිටපු කාමර සගයා බිය වද්දා ජංගම දුරකථනය උදුරාගෙන තිබේ. පසුව එම දුරකථනය හරහා හාර්ලිව මැක්ඩොනල්ඩ්ස් (McDonald’s) රථ ගාලක් අසලට ගෙන්වා, බලහත්කාරයෙන් මෝටර් රථයක දමාගෙන පැහැරගෙන ගොස් ඇත.
• පෝරිපෝරි හි පිහිටි පාළු නිවසක මඩුවක් තුළදී, ලෝඩ් කරන ලද තුවක්කුවකින් හාර්ලිගේ පපුවටම වෙඩි තබා ඇති අතර එයින් ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබේ.
• ඝාතනයෙන් පසු සිරුර ටාපොලින් එකක ඔතා වළ දමා, මඩුව බ්ලීච් සහ ජලය යොදා සෝදා පිරිසිදු කර සාක්ෂි විනාශ කිරීමට ඔවුන් කටයුතු කර ඇත.
”එය අහම්බයක්”
ප්‍රධාන සැකකරු වන ටුකාඕකාඕ පසුව පොලිසියට පවසා ඇත්තේ තමා වෙඩි තැබූ බව ඇත්ත නමුත් එය “අහම්බයකින් සිදු වූවක්” (Accident) බවයි. ඔහු විසින්ම පෙන්වා දුන් ස්ථානයෙන් පසුව හාර්ලිගේ සිරුර සොයාගෙන තිබේ.
තුවක්කුව සැඟවූ තැනැත්තාගේ සියදිවි නසාගැනීම. මෙම ඝාතනයට තුවක්කුව ලබා දුන් ටෙරන්ස් හේස් (Terrence Hayes) නමැති තරුණයා පසුව සියදිවි නසාගෙන ඇති අතර, ඔහු ලියා තැබූ ලිපියක තුවක්කුව වගුරක සඟවා ඇති ස්ථානය සහ ප්‍රධාන සැකකරු තමා මුළා කළ ආකාරය පිළිබඳව “F*** you Pids” ලෙස සටහන් කර තිබී ඇත.
දැනට මෙම නඩුවේ විභාග කටයුතු Rotorua මහාධිකරණයේදී සති 4ක් පුරා පැවැත්වීමට නියමිතයි.
මත්ද්‍රව්‍ය ඇබ්බැහිය සහ නීතිවිරෝධී කල්ලි සමඟ ඇති කරගන්නා සබඳතා කෙතරම් භයානක ඉරණමකින් කෙළවර විය හැකිද යන්නට මෙය තවත් එක් කණගාටුදායක උදාහරණයකි. 😢👇
#NewZealandNews #CrimeNews #Tauranga #JusticeForHarley #GangViolence #StayAwayFromDrugs #TrueCrime #Lakkiwinews

0 Comments