← BACKCrime

ජීවිතයක් විනාශ කළත් නීතියෙන් ඩිස්කවුන්ට්? නවසීලන්තයම කැලඹූ දූෂකයාගේ අමුතු නිදහස් වීම!

BY DhanushPUBLISHED JUNE 5, 20261 MIN READ0 COMMENTS

නවසීලන්ත අධිකරණ පද්ධතිය සහ එහි පවතින “දඬුවම් ලිහිල් කිරීමේ ක්‍රමවේදය” (Sentencing Discount System) දැඩි දෝෂාරෝපණයට ලක් කරමින් මුළු රටම කැළඹූ පුවතක් වාර්තා වේ. නිදා සිටි කාන්තාවකට අතිශය අමානුෂික ලෙස ලිංගික අතවර කිරීම හේතුවෙන් අධිකරණය විසින්ම “රාක්ෂසයෙක්” (Monster) ලෙස හැඳින්වූ ජොෂුවා Joshua John නමැති වැරදිකරුවා, තමාට නියම වූ වසර හයක සිරදඬුවමෙන් වසර දෙකක්වත් සම්පූර්ණ නොකර නිදහස ලබා සමාජයට පැමිණ තිබේ.

මෙම මහජන විරෝධයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඔහුට හිමිවූ 40%ක දැවැන්ත දඬුවම් ලිහිල් කිරීමයි (Sentence Discount).

🔴 40%ක වට්ටම සහ මාස 20ක නිදහස.

2024 වසරේදී ජොෂුවා ජෝන්ට වසර 6යි මාස 2ක සිරදඬුවමක් නියම විය. එහිදී විනිසුරුවරයා ඔහුගේ ක්‍රියාව අතිශය පිළිකුල් සහගත එකක් බව පැවසුවද, නවසීලන්ත නීතියට අනුව වැරදිකරු කලින්ම වරද පිළිගැනීම සහ පසුතැවීම ප්‍රකාශ කිරීම නිසා දඬුවම් කාලයෙන් 40%ක් අඩු කිරීමට විනිසුරුවරයාට සිදු විය.

නීතියට අනුව වසර හයක දඬුවමකින් තුනෙන් එකක් (වසර 2කට ආසන්න කාලයක්) සම්පූර්ණ කළ පසු සමාව (Parole) සඳහා ඉල්ලුම් කිරීමට ඔහුට සුදුසුකම් ලැබුණි. ඒ අනුව, ඔහු සිරගෙදර තුළ යහපත් කල්ක්‍රියාවෙන් පසු වූ බව පවසමින්, මාස 20ක් වැනි සුළු කාලයකින් පසු ඔහුව නිදහස් කිරීමට සමාව දීමේ මණ්ඩලය (Parole Board) කටයුතු කර ඇත.
ප්‍රහාරයට ලක්වූ වින්දිත කාන්තාවගේ පවුලේ සාමාජිකයෙකු සිය කනගාටුව මෙසේ ප්‍රකාශ කළේය:

“මේ නීති පද්ධතිය ආරක්ෂා කරන්නේ වින්දිතයාව නෙවෙයි, අපරාධකාරයාව. ඔහු ජීවිතයක් විනාශ කරලා 40%ක වට්ටමක් ගත්තා. මාස 20කින් නිදහස් වීම යුක්තිය ඉටුවීමක් නෙවෙයි, අපිට කරපු අපහාසයක්.”

දැනට ජොෂුවා ජෝන් නිදහස් කර ඇත්තේ GPS ලුහුබැඳීමේ උපකරණ පැළඳවීම සහ වින්දිතයා සිටින ප්‍රදේශයට ඇතුළු වීම තහනම් කිරීම වැනි දැඩි කොන්දේසි මත වුවද, ලිංගික අපරාධකරුවන්ට මෙලෙස සහන දීමේ නීති වහාම වෙනස් විය යුතු බවට නවසීලන්තය පුරා දැඩි මතයක් ගොඩනැගෙමින් පවතී.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *