← BACKEconomy

නවසීලන්ත වැසියන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් තමන්ට නොමිලේ ලැබෙන මුදල් අහිමි කරගනියි!

BY DhanushPUBLISHED JUNE 7, 20261 MIN READ0 COMMENTS

නවසීලන්ත වැසියන් තමන්ට නොමිලේම ලබාගත හැකි වටිනා මුදලක් අතහැර දමමින් සිටින බව නවතම වාර්තා පෙන්වා දෙයි. ලබන ජූනි මස 30 වැනිදායින් අවසන් වන KiwiSaver මූල්‍ය වර්ෂය සඳහා රජයෙන් ලබාදෙන උපරිම බදු සහනය (Government Tax Credit) ලබාගැනීමට, මෙරට සුදුසුකම් ලත් සාමාජිකයින්ගෙන් අඩකට ආසන්න පිරිසක් මෙතෙක් ප්‍රමාණවත් දායකත්වයක් ලබා දී නොමැත.

Westpac සහ ANZ බැංකු දත්තවලට අනුව, සාමාජිකයින්ගෙන් 53%ක් පමණ මෙම නොමිලේ ලැබෙන මුදල අහිමි කරගැනීමේ අවදානමකට මුහුණ දී සිටී. ජීවන වියදම් ඉහළ යාම (Cost-of-living crunch) මීට ප්‍රධානතම හේතුව වී ඇති අතර, ස්වයං රැකියාවල නිරතවන්නන්, අර්ධකාලීන සේවකයින් සහ කාන්තාවන් මේ අතරින් බහුතරයක් වේ.

🔴 $260 ක නොමිලේ බෝනස් මුදල ලබාගන්නේ කෙසේද?

රජයෙන් පිරිනමන උපරිම $260 ක මුදල ඔබේ ගිණුමට එකතු කරගැනීම සඳහා, ඔබ ජූනි 30 වැනිදාට පෙර අවම වශයෙන් $1,042 ක මුදලක් ඔබේ පුද්ගලික KiwiSaver ගිණුමට තැන්පත් කර තිබිය යුතුය. (ඔබේ සේවායෝජකයාගේ දායකත්වය මීට ඇතුළත් නොවේ).

❓ඒ සදහා ඔබ කළ යුත්තේ කුමක්ද?

👉🏻 වහාම ඔබේ KiwiSaver ගිණුමට ලොග් වී, පසුගිය ජූලි 1 වැනිදා සිට ඔබ පුද්ගලිකව තැන්පත් කර ඇති මුළු මුදල පරීක්ෂා කරන්න.

👉🏻 එම මුදල $1,042 ට වඩා අඩු නම්, හිඟ මුදල ජූනි මස අවසන් සතියට පෙර Internet Banking මඟින් ඔබේ KiwiSaver ගිණුමට සෘජුවම බැර කරන්න.

👉🏻 ඔබ සම්පූර්ණ මුදලම තැන්පත් කිරීමට අපොහොසත් වුවද, ඔබ තැන්පත් කරන සෑම ඩොලරයකටම ශත 25 බැගින් රජයෙන් අනුපාතිකව මුදල් හිමිවේ.

මෙම මූල්‍ය වර්ෂය තුළ $180,000 ට වඩා වැඩි ආදායමක් ලබන ඉහළ ආදායම්ලාභීන්ට මෙම සහනය හිමි නොවන අතර, අනෙක් සියලුම දෙනා ජූනි 30 ට පෙර තමන්ගේ ගිණුම් පරීක්ෂා කර බලා රජයෙන් ලැබෙන මෙම නොමිලේ මුදල ලබාගැනීමට කටයුතු කළ යුතුය. බැංකු කටයුතු ප්‍රසම්පාදනය සඳහා දින කිහිපයක් ගතවන බැවින් අවසන් මොහොත වනතුරු නොසිට අදම ඔබේ ගිණුම තහවුරු කරගන්න!

මේ වටිනා තොරතුරු හැමෝටම දැනගන්න ශෙයාර් කරන්න.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *