
නවසීලන්ත රජය විසින් රාජ්‍ය අංශයේ සිදුකරන දැවැන්ත වියදම් සහ රැකියා කප්පාදුව හේතුවෙන් එරට උසස් අධ්‍යාපනය ලබන තරුණ පරපුර දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති. උපාධිය අවසන් කර රැකියා වෙළඳපොළට පිවිසීමට සිටි සිසුන්, පවතින රැකියා හිඟකම සහ අස්ථාවරභාවය හේතුවෙන් රැකියා සෙවීම ප්‍රමාද කිරීමට තීරණය කර ඇත.
මේ හේතුවෙන් බොහෝ සිසුන් කරන්නේ රැකියාවලට ඉල්ලුම් කිරීම වෙනුවට, පශ්චාත් උපාධි (Postgraduate) සඳහා තවත් වසර කිහිපයක් විශ්වවිද්‍යාලවලම රැඳී සිටීමට තීරණය කිරීමයි. නමුත් මෙලෙස කාලය දීර්ඝ කර ගැනීම නොමිලේ සිදුවන්නක් නොවේ. මේ සඳහා ඔවුන්ට තවත් ඩොලර් දහස් ගණනක අමතර ශිෂ්‍ය ණය (Student Loans) ලබා ගැනීමට සිදුවී ඇත.
දත්ත වලට අනුව, රාජ්‍ය අංශයේ නවක උපාධිධාරීන් සඳහා තිබූ රැකියා අවස්ථා ප්‍රමාණය තුනෙන් දෙකකින් (66% කින්) පමණ පහත වැටී ඇත. මීට අමතරව පෞද්ගලික අංශයේද පසුගිය වසර දෙක තුළ රැකියා 41,000කට වඩා අහිමි වී තිබේ.
🔴 ණය බර සහ රට හැර යාමේ අවදානමක් (Brain Drain)
මේ වන විටත් නවසීලන්තයේ සාමාන්‍ය ශිෂ්‍ය ණය බර ඩොලර් 24,000ක් පමණ වන අතර, අලුතින් උසස් අධ්‍යාපනයට යොමුවීම නිසා එය ඩොලර් 40,000 සීමාව ඉක්මවා යමින් පවතී. ජීවන වියදම සහ ගෙවල් කුලී ඉහළ යාම හමුවේ මෙම ණය කන්දරාව තරුණ තරුණියන්ට දරාගත නොහැකි බරක් වී ඇත.
ආර්ථික විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ, මෙම තත්ත්වය නිසා නවසීලන්තයේ උගත් තරුණ පරපුර රට හැර යාමේ (Brain Drain) ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බවයි. සුදුසුකම් ලත් උපාධිධාරීන්ගෙන් 20%ත් 40%ත් අතර ප්‍රමාණයක්, ඉහළ වැටුප් සහ වැඩි රැකියා අවස්ථා ඇති ඔස්ට්‍රේලියාව වැනි රටවල් වෙත සංක්‍රමණය වීමට දැනටමත් සැලසුම් කරමින් සිටිති. රැකියා වෙළඳපොළ යථා තත්ත්වයට පත්වන තුරු, නවසීලන්තයේ තාරුණ්‍යයට තමන්ගේ අනාගතය වෙනුවෙන් විශාල සූදුවක නිරත වීමට සිදුවී ඇත.

0 Comments