
නවසීලන්තයෙන් අධ්‍යාපනය ලබා, පසුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී එහි සාර්ථක වෛද්‍ය වෘත්තියක නිරත වෙමින් සිටි වෛද්‍යවරයකු, නැවත පැමිණ යළිත් ඕස්ට්‍රේලියාව බලා පිටත්වයාමට වෙලින්ටන් ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මීට හේතුවී ඇත්තේ ඔහු වසර ගණනාවකට පෙර ලබාගෙන නොගෙවා පැහැර හැර තිබූ ශිෂ්‍ය ණය (Student Loan) ප්‍රමාණයයි.
කාලයත් සමඟ එකතු වූ දෛනික චක්‍රීය පොලිය (Compounding Interest) සහ දඩ මුදල් හේතුවෙන් ඔහුගේ පැරණි ණය මුදල නවසීලන්ත ඩොලර් 180,000ක් දක්වා දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබුණි.
🔴 නවසීලන්ත ශිෂ්‍ය ණය නීතියේ ඇති භයානකකම,
👉🏻 රටින් පිටවූ සැණින් පොලි වැටීම: නවසීලන්තය තුළ සිටින සිසුන්ට ශිෂ්‍ය ණය සඳහා පොලියක් අය නොකෙරේ. නමුත් කෙනෙකු මාස 6කට වඩා රටින් පිටත ජීවත් වන්නේ නම්, එදින සිට ණය සඳහා පොලිය එකතු වේ.
👉🏻 දැඩි දඩ මුදල්: නියමිත පරිදි වාරික නොගෙවන්නේ නම්, මූලික පොලියට (5.6%) අමතරව තවත් 9.6%ක දඩ පොලියක් දිනපතා එකතු වේ.
👉🏻 ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීම: 2014 වසරේ සම්මත වූ දැඩි නීති රීති අනුව, දිගින් දිගටම ණය පැහැර හරින අයෙකු රටින් පිටවීමට උත්සාහ කරද්දී, අධිකරණ නියෝග මත ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගෙන විදේශ ගමන් බලපත්‍රය තහනම් කිරීමට රජයට බලය ඇත.
වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් පවසන්නේ, බොහෝ දෙනෙකු හිතාමතා ණය පැහැර නොහරින නමුත්, පොලිය අධික ලෙස වැඩිවන විට ඇතිවන බිය නිසා රජය සමඟ සන්නිවේදනය කිරීමෙන් වැළකී සිටින බවයි. දැනට නවසීලන්තයෙන් පිටත වෙසෙන පිරිස්වලින් 70%ක්ම (ලක්ෂයකට අධික පිරිසක්) මෙලෙස ණය පැහැර හැර ඇති අතර, ඔවුන්ගෙන් අයවිය යුතු මුළු මුදල ඩොලර් බිලියන 2.5කි.
‼️ නීති උපදෙස: ඔබත් විදේශගතව සිටී නම්, පැරණි ණය පිළිබඳව “ඔළුව වැලි අස්සේ ඔබාගෙන” නොසිට, වහාම අදාළ අංශ සමඟ සාකච්ඡා කර සහනදායී වාරික ක්‍රමයක් සකසා ගන්න. නැතහොත් මීළඟ සංචාරයේදී ඔබටත් ගුවන් තොටුපළේදී මෙවැනි අමිහිරි අත්දැකීමකට මුහුණ දීමට සිදුවනු ඇත.

0 Comments