
සෑම වසරකම සැප්තැම්බර් අග භාගයේදී Auckland වැසියන් නොඉවසිල්ලෙන් බලා සිටින මූල්‍ය දීමනාවක් තිබේ. ඒ Vector විදුලි සංදේශ සහ බලශක්ති සමාගමේ ප්‍රධාන කොටස්කරුවා වන Entrust ආයතනය මඟින් පාරිභෝගිකයන් වෙත බෙදා දෙන වාර්ෂික ලාභාංශයයි (Entrust Dividend). පවුල් සහ ව්‍යාපාර 360,000කට අධික ප්‍රමාණයකට මේ හරහා මුදල් හිමි වේ.
නමුත් බොහෝ දෙනෙකුට මෙම මුදල අහිමි වන්නේ හෝ ප්‍රමාද වන්නේ ඔවුන්ගේ ලියාපදිංචි තොරතුරු යාවත්කාලීන (Update) වී නොමැති බැවිනි.
🔴 ඔබටත් මෙම මුදල හිමිදැයි දැනගන්නේ කෙසේද?
✅ ඔබේ නිවස හෝ ව්‍යාපාරය Vector සමාගමේ විදුලි රැහැන් ජාලයට අයත් Entrust District (මධ්‍යම, නැගෙනහිර හෝ දකුණු ඕක්ලන්ඩ්) සීමාව තුළ පිහිටා තිබිය යුතුය.
✅ ඔබ නිතිපතා විදුලි බිලක් ගෙවන පාරිභෝගිකයෙකු විය යුතුය (නිවසේ අයිතිකරු වීම අනිවාර්ය නැත, බිල කාගේ නමටද තිබෙන්නේ, ඔහුට මුදල් හිමිවේ).
✅ විදුලි ගිණුමේ (Power Account) ඔබේ නම නිවැරදිව සඳහන්ව තිබිය යුතුය.
🔴 මුදල් ලබාගැනීමට ඔබ දැන්ම කළ යුත්තේ කුමක්ද?
Entrust ආයතනය විසින් මේ වන විටත් ඔබට විද්‍යුත් තැපෑලෙන් (Email) හෝ ලිපියක් මඟින් මේ පිළිබඳව දැනුම් දී තිබිය හැක.
👉🏻 තොරතුරු නිවැරදි නම්: ඔබ කිසිවක් කළ යුතු නැත. මුදල් පෙර වසරේ පරිදිම ඔබට ලැබෙනු ඇත.
👉🏻 තොරතුරු වෙනස් වී ඇත්නම්: ඔබ බැංකු ගිණුම වෙනස් කර ඇත්නම් හෝ පදිංචිය මාරු කර ඇත්නම්, අගෝස්තු මස මැද භාගයට පෙර Entrust වෙබ් අඩවියට (Online Portal) ගොස් ඔබේ තොරතුරු යාවත්කාලීන කළ යුතුය.
‼️ වැදගත්: මෙහිදී ඔබේ විදුලි බිලේ ඇති නම සහ බැංකු ගිණුමේ නම අකුරක් නෑර සමාන විය යුතුය. නැතහොත් ආරක්ෂක හේතූන් මත මුදල් බැර වීම ප්‍රතික්ෂේප විය හැක.
ඔබට තවමත් මේ පිළිබඳව ලිපියක් හෝ Email එකක් ලැබී නොමැති නම්, වහාම ඔබේ විදුලි සමාගම අමතා ඔබේ විස්තර නිවැරදිදැයි පරීක්ෂා කරගන්න. නොමිලේ ලැබෙන මේ අවස්ථාව මඟහැර ගන්න එපා!
ඔබේ හිතමිතුරන්ද මේ ගැන දැනුවත් කරන්න!

0 Comments