← BACKCrime

ශිෂ්‍යාවකකෙරෙහිදැක්වූඅනිසිහැසිරීමක්නිසානවසීලන්තයේගුරුවරයෙකුසේවයෙන්පහකෙරේ!

BY Dhanush•PUBLISHED JUNE 30, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ Levin හි පිහිටි ප්‍රසිද්ධ පාසලක් වන Horowhenua College හි සේවය කළ Asaria Saili නමැති ගුරුවරයා, සිසුවියක කෙරෙහි දැක්වූ අනිසි හැසිරීම් පිළිබඳ චෝදනා මත වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කර තිබේ. පාසල් ප්‍රජාව අතර ඔහු ප්‍රසිද්ධව සිටියේ Matua Ria යන නමිනි.

පාසල් බලධාරීන්ට ලැබුණු බරපතල පැමිණිල්ලක් මත වහාම අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ආරම්භ කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ගුරුවරයාව සේවයෙන් ඉවත් කිරීමට විදුහල්පති Grant Congdon පියවර ගෙන ඇත. තමන් සැමවිටම සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව විදුහල්පතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම සිදුවීම පාසල් විනය පරීක්ෂණයකට පමණක් සීමා වී නොමැති අතර, මේ වන විට නවසීලන්ත පොලිසිය සහ එරට Teaching Council විසින් මෙම ගුරුවරයාට එරෙහිව වෙන වෙනම විශේෂ විමර්ශන දෙකක් ආරම්භ කර තිබේ. මෙම අනිසි හැසිරීමේ ස්වභාවය පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති අතර, පීඩාවට පත් සිසුන්ට සහ පවුල්වලට අවශ්‍ය සහය ලබා දීමට පාසල පියවර ගෙන ඇත.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *