
නවසීලන්ත රජයේ මූල්‍ය තත්ත්වය බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් යහපත් අතට හැරී ඇති බව එරට භාණ්ඩාගාරයේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. මැයි 31 දිනෙන් අවසන් වූ මාස 11ක කාලය සඳහා නිකුත් කළ මූල්‍ය ප්රකාශනවලට අනුව, රජයේ ක්‍රියාකාරී අයවැය හිඟය කලින් පුරෝකථනය කළ මට්ටමට වඩා ඩොලර් බිලියන 3කින් පමණ අඩු වී ඇත.
දැනට පවතින සැබෑ අයවැය හිඟය ඩොලර් බිලියන 6.8ක් වන අතර, එය තවමත් විශාල හිඟයක් වුවද පෙර පැවති අනාවැකිවලට වඩා විශාල ප්රගතියකි.
🔴 හිඟය අඩු වීමට ප්‍රධාන හේතු වන්නේ…
👉🏻 ඉහළ ගිය බදු ආදායම: රජයේ ප්‍රධාන ආදායම බලාපොරොත්තු වූවාට වඩා ඩොලර් බිලියන 1.7කින් ඉහළ ගොස් ඇත. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ සමාගම් සහ ව්‍යාපාරවලින් ලැබුණු බදු ආදායම (Corporate Tax) ඩොලර් මිලියන 700කින් පමණ ඉහළ යාමයි.
👉🏻 වියදම් පාලනය: රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු සැලසුම් කළ අයවැයට වඩා ඩොලර් මිලියන 900ක් අඩුවෙන් වියදම් කර ඇත.
නවසීලන්ත මුදල් අමාත්‍ය නිකොලා Nicola Willis ප්‍රකාශ කළේ, පවතින ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද මෙරට ව්‍යාපාරික ක්ෂේත්රය ලැබූ ලාභය මෙමඟින් පෙන්නුම් කරන බවයි.
කෙසේ වෙතත්, මෙම දත්ත තාවකාලික වන අතර අවසාන මූල්‍ය වාර්තාව ඔක්තෝබර් මාසයේදී නිකුත් කිරීමට නියමිතය. එසේ වුවද, මෙම ප්‍රගතිය නවසීලන්තය නැවතත් ආර්ථික ස්ථාවරත්වයක් කරා ගමන් කරන බවට කදිම සලකුණකි.

0 Comments