
නවසීලන්ත දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්වූ, ආන්දෝලනාත්මක සහ ප්‍රකට මාධ්‍යවේදියෙකු මෙන්ම හිටපු නගරාධිපතිවරයෙකු ද වන Michael Laws, වින්ස්ටන් පීටර්ස්ගේ NZ First පක්ෂයෙන් ඉදිරි මහ මැතිවරණය සඳහා Waitaki ආසනයෙන් තරඟ වදින බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
90 දශකයේ දේශපාලන කරළිය කැළඹූ මයිකල් ලෝස්ගේ මෙම නැවත පැමිණීම නිකම්ම එකක් නොවේ. ඔහු දැනටමත් දේශපාලන ලෝකය කම්පා කරවන සුළු දැඩි ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කර ඇත. තමන් මැතිවරණය ජයග්‍රහණය කර, සන්නිවේදන හා විකාශන අමාත්‍ය ධුරය (Broadcasting portfolio) ලබාගතහොත්, නවසීලන්තයේ ප්‍රධානතම සහ පැරණිතම රාජ්‍ය අරමුදල් ලබන මාධ්‍ය ආයතනයක් වන “රේඩියෝ නිව්සීලන්ඩ්” (RNZ) ආයතනය සහමුලින්ම වසා දමන බව ඔහු පවසා තිබේ.
ලෝස්ගේ මෙම ප්‍රකාශය රාජ්‍ය මාධ්‍ය සුරැකීමට වෙහෙසෙන පාර්ශවයන්ගේ දැඩි දෝෂාරෝපණයට ලක්වී ඇති අතර, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කෙරෙහි කලකිරී සිටින දක්ෂිණාංශික ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීමට NZ First පක්ෂය ගැසූ දේශපාලන තුරුම්පුවක් ලෙස විචාරකයෝ මෙය හඳුන්වති.

0 Comments