
නවසීලන්තයේ කීර්තිමත් උසස් පාසලක් ක්ෂණිකව වසා දැමීමේ අවදානමකට ලක්වීම හේතුවෙන්, ගතවූ සති කිහිපය තමාගේ වෘත්තීය ජීවිතය තුළ මුහුණ දුන් වඩාත්ම අභියෝගාත්මක කාලසීමාවන්ගෙන් එකක් වූ බව එම පාසලේ විදුහල්පතිවරයා පවසයි.
ක්‍රයිස්ට්චර්ච් (Christchurch) නුවර පිහිටි, සිසුන් 700කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන, ඉහළ පිළිගැනීමක් සහිත උසස් පාසලක් වන ‘ශාන්ත තෝමස් කැන්ටබරි විද්‍යාලයට’ (St Thomas of Canterbury College) එරෙහිව ‘ක්‍රිස්ටියන් බ්‍රදර්ස්’ (Christian Brothers) නැමැති කතෝලික ආගමික සංවිධානය විසින් අධිකරණ අයදුම්පතක් ඉදිරිපත් කර ඇති බව නවසීලන්ත පුවත්පතක් මඟින් මෙම මාසය මුලදී අනාවරණය කරන ලදී. ඔස්ට්‍රේලියාව තුළ සිදුවූ ලිංගික අපයෝජනයන්ට ලක්වූවන්ට වන්දි ගෙවීම සඳහා, තමන් සතු පාසල් ඉඩම් සහ ගොඩනැගිලි විකිණීමට අවසර දෙන ලෙස එම ආගමික සංවිධානය මෙමඟින් ඉල්ලා ඇත.
පසුගිය සතියේ ප්‍රකාශයක් නිකුත් කරමින් එහි විදුහල්පති ස්ටීව් හාර්ට් (Steve Hart) මහතා කියා සිටියේ, “අප යටතේ පවතින මෙම ඉඩම් විකිණීමට” එරෙහිව පාසල් ප්‍රජාව දක්වන දැඩි විරෝධයෙන් පෙනී යන්නේ, “පරම්පරා ගණනාවක තරුණ පිරිසකට අධ්‍යාපනය සහ රැකවරණය ලබා දුන් මෙම ස්ථානයේ අනාගතය සුරැකීමට විද්‍යාලීය ප්‍රජාව තුළ දැඩි අධිෂ්ඨානය” ඇති බවයි. ඔහු ඒ වෙනුවෙන් සටන් කරන බවද මෙහිදී වෑඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

0 Comments