
නවසීලන්තයේ මෝටර් රථ අලෙවි ක්ෂේත්‍රයේ නියැලී සිටි ශ්‍රී ලාංකිකයෙකු විසින් තමන් විකිණීමට තැබූ වාහනයක ධාවන දුර ප්‍රමාණය (Odometer) කිලෝමීටර් 30,000කට වඩා වැඩි ප්‍රමාණයකින් සිතාමතාම අඩු කර පාරිභෝගිකයන් මුලා කිරීමේ වංචාවක් හේතුවෙන් එරට අධිකරණය විසින් ඔහුට දැඩි මූල්‍ය දඩයක් පනවා තිබේ. පාරිභෝගික ආරක්ෂණ නීති සහ සාධාරණ වෙළඳ පනත (Fair Trading Act) උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ නවසීලන්ත වාණිජ කොමිෂන් සභාව විසින් මෙහෙයවන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම දඬුවම නියම කර ඇත.
වාර්තා වන පරිදි, මෙම පුද්ගලයා විසින් ජපානයෙන් ආනයනය කරන ලද මෝටර් රථයක සැබෑ ධාවන දුර ප්‍රමාණය සඟවා, ව්‍යාජ ලෙස ඕඩෝමීටරය සකස් කර වැඩි මිලකට විකිණීමට උත්සාහ කර තිබේ. නවසීලන්ත බලධාරීන් පෙන්වා දෙන්නේ වාහනවල ධාවන දුර වෙනස් කිරීම පාරිභෝගික විශ්වාසය බිඳදමන සහ මාර්ග ආරක්ෂාවටද තර්ජනයක් වන බරපතල වරදක් බැවින්, මෙවැනි වංචනික ක්‍රියාවලට සම්බන්ධ වන පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව කිසිදු තරාතිරමකින් තොරව උපරිම නීතිමය පියවර ගන්නා බවයි.

0 Comments