← BACKCrime

පොලිස් සුනඛයෙකුගෙන් හපලා උසාවිත් ගිය ප්‍රකට ක්‍රීඩකයා

BY DhanushPUBLISHED JULY 27, 20261 MIN READ0 COMMENTS

​ටැක්සි ගාස්තු නොගෙවීමක් මුල් කරගනිමින් වෙලින්ටන්හි (Wellington) සිදුවූ අමුතුම සිදුවීමකින් පසු, නවසීලන්තයේ ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකුට අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවී තිබෙනවා.

​පසුගිය සෙනසුරාදා අලුයම රොංගොටායි (Rongotai) ප්‍රදේශයේදී සිදු වූ මෙම සිදුවීමේදී,

  • ​පොලිස් අණ නොතකා ක්‍රියා කිරීම
  • ​පොලිස් සුනඛයෙකුට හානි කිරීම / පහරදීම
  • ​තුවාල කිරීමේ චේතනාවෙන් පහරදීම
  • ​වංචනික ලෙස පාඩුවක් සිදුකිරීම (ටැක්සි ගාස්තු නොගෙවීම)

​යන චෝදනා රැසකට ඔහු මුහුණ දී සිටිනවා. Arrest එක වෙලාවේදී පොලිස් සුනඛයා සපා කෑම නිසා මෙම ක්‍රීඩකයාට රෝහල් ගතවීමට පවා සිදුවුණා. (කෙසේ වෙතත්, පොලිස් සුනඛයාට හෝ අදාළ තැනැත්තාට බරපතල තුවාල සිදුවී නැති බවයි වාර්තා වන්නේ.)

​📸 උසාවිය අසල උණුසුම් තත්ත්වයක්.

සඳුදා උදෑසන මොහොතේ මෙම ක්‍රීඩකයා වෙලින්ටන් දිසා අධිකරණයට ඇතුළු වන විට, ඡායාරූප ගැනීමට උත්සාහ කළ මාධ්‍යවේදීන්ට ඔහු සමඟ පැමිණි කාන්තාවකගෙන් දැඩි බාධා එල්ල වුණා. ක්‍රීඩකයා ඇයට නතර වන ලෙස ඉල්ලා සිටියද, ඇය මාධ්‍යවේදීන්ට බැණ වදිමින් එක් මාධ්‍යවේදිනියකගේ වීඩියෝ කරමින් තිබූ ජංගම දුරකථනයට පහර දී තිබෙනවා.

​⚖️ නම හෙළි කිරීමට තහනම්.

තමන්ගේ සේවාදායකයාගේ නම ප්‍රසිද්ධ කිරීමෙන් ඔහුගේ ව්‍යාපාරික කටයුතුවලට සහ සාධාරණ නඩු විභාගයකට බාධා වන බව කියමින් නීතිඥවරයා කළ ඉල්ලීමකට අනුව, අධිකරණය විසින් මෙම ක්‍රීඩකයාගේ නම ප්‍රසිද්ධ කිරීම තාවකාලිකව තහනම් කර (Interim name suppression) ඔහුව ඇප මත මුදා හැර තිබෙනවා.

​නඩුව නැවත අගෝස්තු 17 වැනිදා විභාගයට ගැනීමට නියමිතයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *