
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (J&J) සමාගම නිෂ්පාදනය කළ ළදරු talk පවුඩර් ආශ්රිත නිෂ්පාදන භාවිතය නිසා ඩිම්බකෝෂ පිළිකා (Ovarian cancer) වැළඳුණු බවට එල්ල වී තිබූ නඩු දහස් ගණනක් අවසන් කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක දැවැන්ත වන්දියක් ගෙවීමට එකඟ වී තිබේ. මෙය වසර ගණනාවක් තිස්සේ ඇදී ගිය නීතිමය ආරවුලක් සමතයකට පත් වීමකි.
මෙම අලුත් වන්දි මගින් ඇමරිකාවේ අධිකරණවල ගොනු කර ඇති නඩු 65000කට අධික ප්‍රමාණයක් විසඳෙනු ඇත. එය දැනට පවතින සමස්ත ටැල්ක් නඩුවලින් 99.75%ක ප්‍රතිශතයක් වන අතර, මේ සමඟ අදාළ නීතිමය ගැටලුවලට සම්පූර්ණයෙන්ම පාහේ විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙලෙස ඓතිහාසික වන්දි මුදලක් ගෙවීමට එකඟ වුවද, තම නිෂ්පාදන නිසා පිළිකා ඇති නොවන බවත් ඒවා භාවිතයට සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බවත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම තවදුරටත් අවධාරණය කරයි. දීර්ඝ කාලයක් තිස්සේ ඇදී යන නීතිමය ක්‍රියාමාර්ග සහ ඊට යන අධික පිරිවැය නතර කර, මෙම මතභේදාත්මක තත්ත්වයට මුළුමනින්ම තිත තැබීම සඳහා මෙම තීරණය ගත් බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම නීතිමය ගැටළු හේතුවෙ J&J සමාගමට 2020 වසරේදී ඇමරිකා එක්සත් ජනපදය තුළත්, 2023 වසරේදී ලොව පුරාත් ටැල්ක් පදනම් කරගත් ළදරු පවුඩර් අලෙවිය සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවිය.
මේ අතර, 2024 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ටැල්ක් ද්‍රව්‍යය “මිනිසුන්ට පිළිකා ඇති කිරීමට ඉඩ ඇති” සංඝටකයක් ලෙසද නිල වශයෙන් වර්ගීකරණය කරන ලදී.

0 Comments