← BACKUncategorized

දකුණු ඕක්ලන්ඩ් හි අතුරුදහන් වූ 6 හැවිරිදි මලකායි සෙවීමට දැවැන්ත මෙහෙයුමක්! වහාම උදව් කරන ලෙස පොලීසියෙන් හදිසි ඉල්ලීමක්! 🙏🏻

BY Dhanush•PUBLISHED AUGUST 4, 2026•1 MIN READ•0 COMMENTS

දකුණු ඕක්ලන්ඩ් ප්‍රදේශයේදී අතුරුදහන් වූ මලකායි (Malakai) නමැති 6 හැවිරිදි පිරිමි ළමයා සෙවීම සඳහා නවසීලන්ත පොලීසිය සහ හදිසි සහන සේවා කණ්ඩායම් එක්ව දැවැන්ත සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. කුඩා දරුවෙකු වන මලකායි අතුරුදහන් වී ගතවී ඇති කාලය සලකා බලමින් ඔහුගේ ආරක්ෂාව පිළිබඳව දැඩි බියක් මතුව ඇති අතර, පවුලේ නෑදෑයන් විසින් පොලීසිය වෙත කරන ලද දැනුම්දීමත් සමඟ විශේෂ සෙවුම් කණ්ඩායම් ප්‍රදේශයේ මාර්ග, උද්‍යාන, නගර ආශ්‍රිත භූමි සහ නේවාසික පරිශ්‍ර පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත.

දරුවා සෙවීමේ මෙහෙයුම් වේගවත් කිරීම සඳහා ප්‍රදේශවාසීන්ගේ සහාය ඉල්ලා සිටින පොලීසිය, තම ගෙවතු, ගබඩා කාමර, ගරාජ් සහ කුඩා දරුවෙකුට සැඟවිය හැකි ස්ථාන පරීක්ෂා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම, ප්‍රදේශයේ නිවාසවල පවතින ආරක්ෂිත කැමරා (CCTV) සහ රථවාහන කැමරා දර්ශන (Dashcam) පරීක්ෂා කර යම් තොරතුරක් ඇත්නම් ලබාදෙන ලෙසද දැනුම් දෙයි. දරුවා ගැන යම් තොරතුරක් ලදහොත් හෝ දරුවා නෙත ගැටුණහොත් වහාම 111 අංකය ඔස්සේ පොලීසිය ඇමතීමට පියවර ගන්නා ලෙස බලධාරීන් මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

කරුණාකර Auckland අවට සිටින සියළුම දෙනා මේ පිළිබදව දැනුවත්කරන්න!

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *