← BACKEconomy

බිලියන ගණනක අපනයන ආදායම සුරකින නවසීලන්ත කෘෂිකාර්මාන්තය තර්ජනයකද?

BY DhanushPUBLISHED AUGUST 14, 20261 MIN READ0 COMMENTS

ජාත්‍යන්තර වෙළෙඳපොළේ වෙනස්වීම් සහ පාරිසරික අභියෝග හමුවේ නවසීලන්තයේ බිලියන ගණනක කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකවරණය උදෙසා තීරණාත්මක පියවර කිහිපයක් ගතයුතුව ඇති බව KPMG ආයතනයේ අලුත්ම කෘෂි ව්‍යාපාර වාර්තාව (Agribusiness Agenda) මගින් පෙන්වා දෙයි. රටේ ප්‍රමුඛ පෙළේ කෘෂිකාර්මික නායකයන් සහ ගොවීන්ගේ අදහස් ඇසුරෙන් සකස් කරන ලද මෙම වාර්තාවට අනුව, නවසීලන්තයේ කෘෂිකාර්මික අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ජීව ආරක්ෂණය (biosecurity), නව නිදහස් වෙළෙඳ ගිවිසුම් හරහා ජාත්‍යන්තර වෙළෙඳපොළ ප්‍රසාරණය කිරීම සහ විධිමත් ජල ගබඩා යටිතල පහසුකම් ඇතිකිරීම ප්‍රමුඛතම අවශ්‍යතාවන් ලෙස හඳුනාගෙන තිබේ.

ගෝලීය සංචරණය ඉහළ යාමත් සමග පිටරටවලින් පැමිණෙන වෛරස්, පළිබෝධකයන් සහ විදේශීය රෝගවලින් දේශීය වගාවන් සහ සතුන් ආරක්ෂා කරගැනීමට දැඩි ජීව ආරක්ෂණ ක්‍රමවේද අත්‍යවශ්‍ය වන බව අදාළ වාර්තාව සහතික කරයි. එමෙන්ම, භූ-දේශපාලනික වෙනස්වීම් හමුවේ අපනයන ආදායම තහවුරු කරගැනීම සඳහා නව වෙළෙඳපොළවල් සොයායාමේ සහ පවතින ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කර ඇත.

මීට අමතරව, කාලගුණික වෙනස්වීම් නිසා ඇතිවන දැඩි නියඟයන්ගෙන් වගාවන් බේරාගැනීමට නවීන ජල ගබඩා පද්ධති ස්ථාපිත කිරීම, නවසීලන්තයේ කෘෂිකාර්මික නිමැවුම්වල ගුණාත්මකභාවය සහ තිරසාරභාවය ඉදිරියටම පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සාධකයක් බව KPMG වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *