
මාර්ගයේදී ඇතිවූ සුළු ආරවුලක් දුරදිග ගෙන යමින් අධිකරණය හමුවට ගිය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ප්‍රකට මාර්ග ගමනාගමන පිළිබඳ නීතිඥයෙකුට (traffic lawyer) සිය නඩුව පරාජය වී ප්‍රතිවාදී රියදුරාට වන්දි ගෙවීමට සිදුවීමේ පුවතක් වාර්තා වෙයි. ඕක්ලන්ඩ් නගරයේදී Steve Cullen නමැති මෙම නීතිඥවරයා ඉදිරියෙන් ධාවනය වූ රථයක් නියමිත ස්ථානයේදී නතර නොකිරීම හේතුවෙන් ඔහු සිය රථයේ හොරණෑව (horn) නාද කර ඇති අතර, එය දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවකට මුලපුරා ඇත. මෙම සිදුවීමෙන් පසු තමන්ට සිදුවූ අලාභහානි අයකර ගැනීම සඳහා නීතිඥවරයා විසින් අධිකරණ හමුවේ නඩු පවරනු ලැබීය.
කෙසේ වෙතත්, ඉදිරිපත් වූ සාක්ෂි සහ දෙපාර්ශ්වයේම ප්‍රකාශ සලකා බැලූ විනිසුරුවරයා තීන්දු කළේ මෙම සුළු සිදුවීම අධිකරණය දක්වා දුරදිග යාමට නීතිඥවරයා විසින් නොඉවසිලිමත්ව වාහනයේ නලාව නාද කිරීම ප්‍රධාන වශයෙන් හේතු වූ බවයි. ඒ අනුව නීතිඥවරයාගේ ඉල්ලීම නිෂේධනය කළ අධිකරණය, අනෙක් රියදුරාට වන්දි ගෙවන ලෙස ඔහුට නියෝග කළේය. මාර්ග නීති පිළිබඳ මනා අවබෝධයක් ඇති වෘත්තීය නීතිඥයෙකුට වුවද, මාර්ගයේදී සිදුවන සුළු නොඉවසිලිමත් හැසිරීමක් හමුවේ නීතිමය සහ මූල්‍යමය වශයෙන් දැවැන්ත පාඩුවකට මුහුණ දීමට සිදුවන බවට මෙම පුවත හොඳ උදාහරණයකි.
‼️නවසීලන්තයේ ඉන්න ඔබත් නලාව ගහන්න කලින් දෙපාරක් හිතන්න!

0 Comments