← BACKEconomy

“හොඳ ණය සහ නරක ණය”නවසීලන්තයේ ණය කන්ද පිටුපස ඇති සත්‍ය කතාව මෙන්න!

BY Dhanush•PUBLISHED SEPTEMBER 1, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ ගෘහස්ථ, ව්‍යාපාරික සහ රාජ්‍ය අංශයේ සමස්ත ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනය හෙවත් ඩොලර් බිලියන 1,000 සීමාවට වේගයෙන් ආසන්න වෙමින් පවතින බවත්, ඉදිරි වසර තුන ඇතුළත මෙම නොසිතූ සන්ධිස්ථානය පසුකිරීමට ඉඩ ඇති බවත් වාර්තා වේ. දැනටමත් ඩොලර් බිලියන 870 පසුකර ඇති මෙම සමස්ත ණය ප්‍රමාණයෙන් විශාල කොටසක් නියෝජනය කරන්නේ ඩොලර් බිලියන 370ක් වන නේවාසික උකස් ණය (residential mortgages) සහ ඩොලර් බිලියන 180කට අධික ව්‍යාපාරික ණයයි. මීට අමතරව, කොවිඩ්-19 වසංගත සමයේ ලබාදුන් සහන සහ සෞඛ්‍ය වියදම් හේතුවෙන් එරට රාජ්‍ය ණය ප්‍රමාණයද ඩොලර් බිලියන 239ක් දක්වා ඉහළ ගොස් තිබේ.

NZ Herald පුවත්පතේ The Front Page වැඩසටහනට එක්වෙමින් එරට ප්‍රධාන ආර්ථික විශ්ලේෂක Liam Dann පෙන්වා දෙන්නේ, සියලුම ණය අහිතකර ලෙස සැලකිය නොහැකි බවත්, යටිතල පහසුකම් සහ ව්‍යාපාරික වර්ධනය සඳහා යොදවන “හොඳ ණය” අනාගත ආර්ථික දියුණුවට හේතුවන බවයි.

කෙසේ වෙතත්, ඉහළ පොලී අනුපාත පවතින කාලවකවානුවලදී ලබාගන්නා පරිභෝජන ණය රටේ ජනතාවගේ මෙන්ම රජයේද මුල්‍ය නම්‍යශීලීභාවය සීමා කරන බවත්, ආර්ථික වර්ධන වේගය මගින් මෙම ණය බර පාලනය කරගැනීමට සමත් වුවහොත් පූර්ණ ආර්ථික කඩාවැටීමක් වළක්වා ගත හැකි බවත් ආර්ථික විද්‍යාඥයෝ වැඩිදුරටත් සඳහන් කරති.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *