← BACKCrime

ඕක්ලන්ඩ් නගරය හොල්ලූ ද්විත්ව ඝාතනයේ සැකකරු කොටුවෙයි!

BY DhanushPUBLISHED SEPTEMBER 1, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් තිස් හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පවරනු ලැබූ බව නවසීලන්ත පොලීසිය පවසයි. පසුගිය අගෝස්තු 27 වනදා පස්වරුවේ වොට්ල් ඩවුන්ස් ප්‍රදේශයේ පිහිටි නිවසකින් තුවක්කු ප්‍රහාරයකට ලක්ව මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගැනීමත් සමඟ මෙම පරීක්ෂණ ආරම්භ විය.

ආරම්භයේදී වෙනත් චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන සිටි මෙම සැකකරුට එරෙහිව, පුළුල් විමර්ශනයකින් පසුව මනුෂ්‍ය ඝාතන චෝදනා ගොනුකිරීමට පොලීසිය පියවර ගෙන ඇති අතර ඔහු මනුකාව් දිසා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම ප්‍රහාරයට හේතුව සහ වෙනත් පුද්ගලයන්ගේ සම්බන්ධතාවයක් තිබේද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව කවුන්ටීස් මනුකාව් අපරාධ විමර්ශන අංශයේ පරීක්ෂක Tofilau Faamanuia Va’aelua සඳහන් කළේය. අදාළ සිදුවීමෙන් මියගිය පුද්ගලයන්ගේ නිල අනන්‍යතාවය ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර, ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව ජනතාව තුළ බියක් හටගෙන ඇති පසුබිමක සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දන්නා පිරිස් වෙතොත් පොලීසිය වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටියි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *