← BACKCrime

නවසීලන්තයේ නගර සභාවකට රුපියල් කෝටි ගණනක අන්තර්ජාල මූල්‍ය වංචාවක්!

BY DhanushPUBLISHED SEPTEMBER 3, 20261 MIN READ0 COMMENTS

වංචනික ලෙස වෙනස් කරන ලද ඉන්වොයිසියක් (invoice) භාවිතා කරමින් සංවිධානාත්මක අන්තර්ජාල වංචාකරුවන් පිරිසක් විසින් නවසීලන්තයේ වංගනුයි ප්‍රාදේශීය සභාවට (Whanganui District Council) අයත් රුපියල් කෝටි ගණනක මහජන මුදල් වංචා කර තිබේ.

කොන්ත්‍රාත්කරුවෙකුට ගෙවීමට තිබූ නවසීලන්ත ඩොලර් 309,654ක මුදලක්, ඉන්වොයිසියේ සඳහන් බැංකු ගිණුම් තොරතුරු රහසිගතව වෙනස් කිරීම මගින් වංචාකරුවන්ගේ ගිණුමකට බැර කරවා ගැනීමට මෙම සයිබර් අපරාධකරුවන් සමත්ව ඇත.

අදාළ සැබෑ සැපයුම්කරු වෙත මුදල් ලැබී නොමැති බවට කළ විමසීමකින් පසුව මෙම මූල්‍ය වංචාව අනාවරණය වී ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ බලධාරීන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරමින් පොලිසියටද පැමිණිලි කර තිබේ. මෙය සැපයුම්කරුගේ විද්‍යුත් තැපැල් පද්ධතියට රහසිගතව ඇතුළු වී හෝ ව්‍යාජ විද්‍යුත් තැපෑලක් මාර්ගයෙන් ගිණුම් තොරතුරු වෙනස් කර සිදු කළ සයිබර් ප්‍රහාරයක් බවට හඳුනාගෙන ඇති අතර, අහිමි වූ මුදල් නැවත සොයා ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වේ.

මෙම දැවැන්ත පාඩුවත් සමඟ වංගනුයි ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන විධායක ඩේවිඩ් ලැංෆෝඩ් (David Langford) ප්‍රකාශ කළේ, මින් ඉදිරියට ගෙවීම් විස්තර වෙනස් කිරීමේදී දුරකථන මාර්ගයෙන් තහවුරු කරගැනීම ඇතුළු දැඩි ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට පියවර ගෙන ඇති බවයි. මෙම සිදුවීමත් සමඟ රාජ්‍ය ආයතනයන්හි සයිබර් ආරක්ෂාව සහ මහජන මුදල් ආරක්ෂා කිරීම පිළිබඳව දැඩි සංවාදයක් ගොඩනැගී ඇති අතර, අන්තර්ජාලය ඔස්සේ සිදු වන මෙවැනි නවීන මූල්‍ය වංචාවලින් ආරක්ෂා වීමට රාජ්‍ය ආයතන වඩාත් විමසිලිමත් විය යුතු බව මෙමගින් පෙන්වා දෙයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *