← BACKEconomy

නවසීලන්ත ගුවන් ටිකට්පත් මිළ ඉහළ ගිහින්.Profit Forecast එකත් නවතා දමයි.

BY DhanushPUBLISHED MARCH 11, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ ජාතික ගුවන් සේවය වන Air New Zealand සමාගම 2026 වසර සඳහා නිකුත් කළ ලාභ අනාවැකිය (profit forecast) තාවකාලිකව නවතා දැමූ බව ප්‍රකාශ කර තිබේ.

මෙයට ප්‍රධාන හේතුව වන්නේ මැද පෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ගුවන් යානා ඉන්ධන මිල ඉතා වේගයෙන් ඉහළ යාම බව සමාගම කියයි.

⛽ ඉන්ධන මිල අහස උසට.

ගුවන් යානා සඳහා භාවිතා කරන Jet Fuel මිල මෑතකදී දැඩි ලෙස ඉහළ ගොස් ඇත.

පෙර මිල: බැරලයක් US$85 – US$90 පමණ

නව මිල: බැරලයක් US$150 – US$200 දක්වා

මෙම ඉහළ යාම ගුවන් සේවාවන්ට විශාල පිරිවැයක් ඇති කරයි.
සාමාන්‍යයෙන් ගුවන් සේවාවක වියදමෙන් 20% – 25% පමණ ඉන්ධන වියදමට යයි.

📉 2026 ලාභ අනාවැකියද අත්හිටුවයි

Air New Zealand සමාගම පෙබරවාරි මාසයේදී 2026 සඳහා ලාභ අනාවැකියක් ප්‍රකාශ කළා.

නමුත් මැද පෙරදිග ගැටුම් තත්ත්වය උත්සන්න වී ඉන්ධන මිල අධික ලෙස වෙනස් වීම නිසා,
එම අනාවැකිය තවදුරටත් විශ්වාසදායක නොවන බව සමාගම පවසයි.

ඒ නිසා තත්ත්වය ස්ථාවර වන තෙක් ලාභ අනාවැකිය ඉවත් කරගැනීමට ඔවුන් තීරණය කර ඇත.

💰 ගුවන් ටිකට් මිල දැනටමත් වැඩි වෙලා.

ඉන්ධන වියදම් ඉහළ යාම හේතුවෙන් සමාගම ගුවන් ටිකට් මිලද වැඩි කර ඇත.

දේශීය ගුවන් ගමන්: NZ$10 පමණ වැඩි

කෙටි දුර ජාත්‍යන්තර ගමන්: NZ$20 පමණ වැඩි

දිගු දුර ජාත්‍යන්තර ගමන්: NZ$90 පමණ වැඩි

ඉන්ධන මිල ඉහළ යාම දිගටම පවතී නම් අනාගතයේ තවත් මිල වැඩි විය හැකි බව සමාගම පවසයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *