← BACKCulture

ASB Polyfest නැවත ඔක්ලන්ඩ් නගරයට. ලෝකයේ විශාලතම පාසල් සංස්කෘතික උළෙල ආරම්භ වෙයි.

BY DhanushPUBLISHED MARCH 17, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරයේ පැවැත්වෙන
ලෝකයේ විශාලතම Secondary School සංස්කෘතික උළෙල ලෙස හඳුන්වන ASB Polyfest මෙවරත් උත්සවශ්‍රීයෙන් ආරම්භ වී තිබේ.

මෙම උළෙලට සෑම වසරකම පාසල් දහස් ගණනක සිසු සිසුවියන් එක්ව…, තමන්ගේ සංස්කෘතික, නර්තන, ගීත සහ සම්ප්‍රදායන් ලෝකයට ප්‍රදර්ශනය කරයි.

🌺 සංස්කෘතික විවිධත්වය පෙන්වන විශාලම වේදිකාව…..

මෙම උළෙලේ විශේෂත්වය වන්නේ විවිධ ජාතික සංස්කෘතින් එකම වේදිකාවක පෙන්වීමයි.

මෙහිදී දක්නට ලැබෙන සංස්කෘතින් අතර,
• Māori
• Samoa
• Tonga
• Cook Islands
• Niue
• සහ අනෙකුත් Pacific දූපත් සංස්කෘති

විශේෂ ස්ථානයක් ලබාගනී.

මෙම උළෙල 1976 වසරේ ආරම්භ වූ අතර අද වනවිට එය ලෝකයේ විශාලතම පාසල් සංස්කෘතික උළෙල ලෙස හදුන්වයි.

📍 මෙවර උළෙල ස්ථාන දෙකක පැවැත්වෙයි…..

2026 වසරේ උළෙල ඉතා විශාල ලෙස වර්ධනය වී ඇති නිසා
පළමු වතාවට උත්සවය ස්ථාන දෙකක පැවැත්වේ.

📅 මාර්තු 18 – 21
📍 Manukau Sports Bowl

📅 මාර්තු 30 – අප්‍රේල් 2
📍 Due Drop Events Centre

උළෙලෙහි සංවිධායකයන් පවසන්නේ, අනෙකුත් සෑම වසරකටම වඩා වැඩි පාසල් සිසුන් සංඛ්‍යාවක් සහභාගී වන නිසා මෙය වෙන්කර පැවැත්වීමට සිදු වූ බවයි.

👨‍👩‍👧‍👦 දහස් ගණන් සිසුන්, දහස් ගණන් ප්‍රේක්ෂකයන්….

මෙම උළෙලට
• දහස් ගණන් පාසල් සිසුන්
• දහස් ගණන් දෙමාපියන්
• සංස්කෘතික කණ්ඩායම්
• ස්වේච්ඡා සේවකයන්

එක්වන විශාල උත්සවයක් බවට පත් වී ඇත.

මෙය සාමාන්‍ය උළෙලක් නොවෙයි.
👉 තමන්ගේ සංස්කෘතිය ගැන ආඩම්බර වීමට
👉 තමන්ගේ මූලිකත්වය රැකගැනීමට
👉 තරුණ පරපුර එකතු කිරීමට
ලැබෙන විශාල අවස්ථාවක් ලෙස සැලකේ.

💰 වර්ධනය සමඟ අභියෝග….

උළෙල වර්ධනය වුවද අරමුදල් සොයාගැනීම තවමත් අභියෝගයක් බව සංවිධායකයන් පවසයි.

එහෙත් මෙම උළෙල කිසිවිටෙකත් මගහරින්නේ නැති බවත් අනාගතයේ තවත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බවත් සඳහන් වේ.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *