
පැවැති දැඩි වර්ෂාවට හා අයහපත් කාලගුණයට නොසැලුණු 12,000ක පමණ උද්‍යෝගිමත් පිරිසක්, නවසීලන්තයේ ඇඩින්ටන් තරග පථය (Addington Raceway) වෙත රොක්වෙමින් මෙවර ‘ක්‍රයිස්ට්චර්ච් කප්’ (Christchurch Cup Day) අශ්ව තරග උළෙල මහත් ඉහළින් සමරන ලදී.
වසර 50කට පසු කලාපයට ඇදහැලුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් පැමිණි පිරිස යම් තරමකින් අඩු වුවද, පැමිණ සිටි තරග ලෝලීහු සිය අලංකාර ඇඳුම් කට්ටල සමග වැහි කබා සහ කුඩ භාවිත කරමින් උත්සවයේ අත්දැකීම උපරිමයෙන් වින්දනය කිරීමට අමතක නොකළහ.
අවුරුදු 20ක් තිස්සේ මෙම උත්සවයට සහභාගී වන බොහෝ දෙනෙකුට අනුව මෙය මෑත කාලයේ පැවැති අයහපත්ම කාලගුණය වූ අතර, ඇඩින්ටන් තරග පථයේ ප්‍රධාන විධායක බ්‍රයන් තොම්ප්සන් (Brian Thompson) සඳහන් කළේ කැන්ටබරි වැසියන් ඇතුළු නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස මේ තරගාවලියට ඇති ලැදියාව හමුවේ වර්ෂාව තමන්ට බාධාවක් කර නොගත් බවයි. පැමිණ සිටි පිරිස වෙනුවෙන් ස්ට්‍රෝබෙරි පැකට් 1000ක්, රසකැවිලි අල ටොන් එකක් සහ ඔයිස්ටර් (oysters) ඩසන් 350ක් ඇතුළත් ඉහළ පෙළේ ආහාර පාන සංග්‍රහයක් ද සංවිධානය කර තිබුණි.
අයහපත් කාලගුණය හමුවේ වුවද උත්සවයේ සුන්දරත්වය අඩු නොකරමින් පැවැත්වුණු ‘හොඳම මෝස්තරකාරිය’ (Best Dressed Lady) තරගයෙන් රෝස සහ කොළ පැහැති අලංකාර ඇඳුමකින් සැරසුණු පොලින් පැටුලෝ (Pauline Pattullo) දෙවන වරටත් ජයග්‍රහණය හිමිකර ගත්තාය. වසරකට එක් වරක් පමණක් පැවැත්වෙන මෙවැනි සුවිශේෂී උත්සවයක් වැස්ස නිසා මඟහැර ගැනීමට තමන් කිසිසේත්ම සූදානම් නැති බව තරගයට එක්වූ පිරිස් අවධාරණය කළහ.

0 Comments