← BACKCulture

වසර 50ක ඉතිහාසය නිමා කරන්න NZ First සැරසෙයි!

BY Dhanush•PUBLISHED SEPTEMBER 26, 2026•1 MIN READ•0 COMMENTS

ලෝකයේ අවධානය දිනාගත් නවසීලන්ත දේශපාලන කරළිය උඩුයටිකුරු කරමින්, NZ First පක්ෂයේ නායක වින්ස්ටන් පීටර්ස් (Winston Peters) ඉදිරි මහ මැතිවරණයෙන් ජයගතහොත් වසර 50කට ආසන්න ඉතිහාසයක් ඇති ‘වයිටංගි විනිශ්චය සභාව’ (Waitangi Tribunal) වහාම අහෝසි කිරීමට පියවර ගන්නා බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.

2026 සැප්තැම්බර් 26 වන දින තවුරංගා (Tauranga) හි පැවැති ප්‍රසිද්ධ ජනහමුවකදී මෙම තීරණය ප්‍රකාශයට පත්කරමින් ඔහු කියා සිටියේ, අදාළ පනත සම්මත කර තමන් බලයට පත්වී දින 100ක් ඇතුළත වයිටංගි විනිශ්චය සභාව මුළුමනින්ම විසුරුවා හරින බවයි. 1975 දී ස්වදේශික මඕරි (Māori) ජනතාවගේ අයිතිවාසිකම් සහ වයිටංගි ගිවිසුමේ නීතිමය ගැටලු විසඳීම සඳහා පිහිටුවන ලද මෙම ව්‍යවස්ථාපිත ආයතනය, වර්තමානය වන විට ජාතික සමගියට බාධා කරන සහ පාර්ලිමේන්තුවේ බලතලවලට පවා අභියෝග කරන සංවිධානයක් බවට පත්ව ඇතැයි පීටර්ස් චෝදනා කරයි.

මෙම විනිශ්චය සභාව වෙනුවට ‘වයිටංගි ගිවිසුම සමාප්ති කොමිෂන් සභාව’ (Treaty of Waitangi Completion Commission) නමින් නව ආයතනයක් පිහිටුවා, 2008 වසරට පෙර ඉදිරිපත් වූ පැමිණිලි පමණක් විභාග කර අවසන් කිරීමට සැලසුම් කර ඇත. ඉන් අනතුරුව, වයිටංගි ගිවිසුමට අදාළ සියලු කටයුතු සහ මඕරි ජනතාවගේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කිරීමේ වගකීම සක්රීය කරන ලද මඕරි සංවර්ධන අමාත්‍යාංශයට (Ministry of Māori Development) පැවරෙනු ඇත.

සියලුම පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු බව අවධාරණය කරන වින්ස්ටන් පීටර්ස්ගේ මෙම ආන්දෝලනාත්මක පියවර නවසීලන්ත මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව ඇති අතර, ඊට එරෙහිව ස්වදේශික නායකයන්ගෙන් සහ විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *