
බුදුසසුනේ අතිශය උතුම් වූත්, මහත්ඵල මහානිසංස ගෙන දෙන්නා වූත් අටමහා කුසලයන් අතරින් අග්‍රගණ්‍ය පින්කම වන්නේ කඨින මහා චීවර පූජාවයි. වස්සාන ඍතුව අවසානයේ එළඹෙන චීවර මාසය තුළ සැදැහැවත් බෞද්ධ ජනතාව තම ශ්‍රද්ධා භක්තිය පෙරදැරි කරගනිමින් සංඝරත්නය උදෙසා මෙම උතුම් කඨින චීවරය පූජා කිරීමට මහත් උනන්දුවෙන් කටයුතු කරති.
එම අසිරිමත් පුණ්‍ය මහෝත්සවයට පූර්වගාමීව, නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පිහිටි පෙන්රෝස් විහාරස්ථානය (Auckland Centre for Buddhist Learning) විසින් සංවිධානය කරනු ලබන “කඨින මහා චීවර පින්කම – 2026” නොවැම්බර් මස 06 සහ 07 යන දෙදින තුළ අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පෙන්රෝස් විහාරස්ථානයේදී පැවැත්වෙන මෙම පුණ්‍යකර්මයේ කාලසටහන පහත පරිදි සකස් වී ඇත.
- 2026 නොවැම්බර් 06 වන දා (සවස 07.00 ට): ආශිර්වාදාත්මක සෙත් පිරිත් දේශනාව
- 2026 නොවැම්බර් 07 වන දා (උදෑසන 09.00 ට): මහා චීවර පූජාව හා දහවල සංඝගත දක්ෂිණාව
නවසීලන්තයේ වෙසෙන මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සහ ආශිර්වාදයෙන් සිදුවන මෙම අතිපූජනීය පින්කමට සම්බන්ධ වී, කඨින චීවර පූජාව දැකබලා අනුමෝදන් වන ලෙස සියලුම සැදැහැවතුන්ට බැති සිතින් ආරාධනා කර සිටිමු. මෙම උතුම් පින්කම අනුමෝදන් වීමෙන් ඔබගේ මෙලොව පරලොව දෙලොවම උභයාර්ථ සිද්ධිය සාධනය කර ගැනීමට මහඟු අවස්ථාවක් හිමිවනු ඇත.
ඔබ සැමට තෙරුවන් සරණයි! 🙏🏻

0 Comments