← BACKCulture

හෙක්ටයාර 3,000 ක ඉඩම් උරුමය සහ වෙරළ තීරයේ අලුත් නම!

BY Dhanush•PUBLISHED NOVEMBER 6, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ දකුණු දූපතේ (South Island) උතුරු කෙළවරේ පිහිටි වඩාත්ම ජනප්‍රිය වෙරළ තීරයක නාමකරණය එහි ඓතිහාසික උරුමය පිළිඹිමු වන පරිදි වෙනස් කිරීමට නවසීලන්ත භූගෝලීය මණ්ඩලය (New Zealand Geographic Board) පියවර ගෙන තිබේ. ඒ අනුව මින්පෙර ‘කයිටෙරිටෙරි’ (Kaiteriteri) ලෙස භාවිතා කළ නාමය අවලංගු කර, එහි නිවැරදි සාම්ප්‍රදායික උච්චාරණය වන ‘කයිටෙරෙටෙරෙ’ (Kaiteretere) යන්න නිල වශයෙන් බලාත්මක කර ඇත.

පසුගිය අගෝස්තු මාසයේදී සම්මත වූ ඓතිහාසික ‘නෙල්සන් ටෙන්ත්ස්’ (Nelson Tenths) ඉඩම් ආරවුල විසඳීමේ පනතට (Te Here ā Nuku Bill) අනුකූලව මෙම නාම සංශෝධනය සිදුකර තිබේ. වසර සිය ගණනක් පැරණි මෙම ඓතිහාසික එකඟතාවයට අනුව හෙක්ටයාර 3,068 ක භූමි ප්‍රමාණයක් (කයිටෙරෙටෙරෙ විනෝදාත්මක රක්ෂිතය සහ ආබෙල් ටාස්මන් මාවතේ කොටසක් ඇතුළුව) එහි මුල් හිමිකරුවන් වන මවුරි ප්‍රජාව වෙත නැවත පවරාදීමට සහ නවසීලන්ත ඩොලර් මිලියන 420 ක වන්දියක් ගෙවීමට පියවර ගැනේ.

1830 ගණන්වලදී Crown පාලනය මගින් මවුරි ජනතාවට ලබාදුන් ඉඩම් පොරොන්දුව නිසි ලෙස ඉටු නොවීම නිසා මතුවූ මෙම ආරවුල විසඳීමත් සමග, පාරම්පරික ඉඩම් හිමියන්ගේ භාෂාවට සහ සංස්කෘතියට (tikanga) නිසි ගෞරවය හිමිවූ බව Te Here ā Nuku භාරයේ භාරකාරිනී කේරෙන්සා ජොන්ස්ටන් (Kerensa Johnston) සඳහන් කළාය. 1859 සිට රාජ්‍ය ලේඛනවල ‘Kaiteriteri’ ලෙස වැරදීමකින් සටහන්ව තිබූ මෙම ස්ථානය වසර 500 කට වැඩි මාඕරි ජනාවාස ඉතිහාසයකට හිමිකම් කියන අතර, ‘කයි’ (ආහාර ගැනීම) සහ ‘ටෙරෙටෙරෙ’ (දිවීම හෝ විසිරීම) යන වචන එක්වීමෙන් මෙම නාමය සෑදී ඇති බව ජනප්‍රවාදවල සඳහන් වේ. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සයින්බෝඩ් සහ බ්‍රෑන්ඩින් වෙනස්වීම් සම්බන්ධයෙන් යම් කනස්සල්ලක් පැවතියද, සංරක්ෂණ අමාත්‍ය තමා පොටාකා (Tama Potaka) සහ රාජ්‍ය අංශ එක්ව මහජන ප්‍රවේශයට බාධාවක් නොවන සේ මෙම ඓතිහාසික නාම සංශෝධනය ඉදිරි වසර ඇතුළත ක්‍රමයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *