
ලෝකයේ රටවල් අතර ජනතාවගේ සතුට මැන බලන “2026 ලෝක සතුටු දර්ශකය” (World Happiness Report 2026) මේ වන විට නිකුත් වී තිබෙනවා. අවාසනාවකට මෙන්, එම වාර්තාවට අනුව ශ්‍රී ලංකිකයන් වන අප සිටින්නේ ඉතාම පසුගාමී මට්ටමකයි.
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ යහපැවැත්ම පර්යේෂණ මධ්‍යස්ථානය මගින් සිදු කළ මෙම සමීක්ෂණයේ වැදගත් කරුණු කිහිපයක් මෙන්න.
• රටවල් 140කට අධික සංඛ්‍යාවක් අතරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 134 වන ස්ථානයයි.
ලකුණු ප්‍රමාණය: 10න් ලකුණු 4.0ක් පමණි.
2025 වසරේ 133 වන ස්ථානයේ සිටි අප, මෙවර තවත් එක් ස්ථානයක් පහළට ඇද වැටී තිබේ.
ආසියාවේ අපට වඩා අසතුටින් සිටින එකම රට ලෙස සටහන් වන්නේ ඇෆ්ගනිස්ථානය පමණි.
ලොව සතුටින්ම සිටින රටවල් 05.
නිරන්තරයෙන්ම ලැයිස්තුවේ පෙරමුණ ගන්නා යුරෝපීය රටවල් මෙවරත් ජයග්‍රහණය තහවුරු කරගෙන තිබෙනවා.
ෆින්ලන්තය (ප්‍රථම ස්ථානය)
අයිස්ලන්තය
ඩෙන්මාර්කය
කොස්ටාරිකාව
ස්වීඩනය
මීට අමතරව නෝර්වේ, නෙදර්ලන්තය, ඊශ්‍රායලය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් ද මුල්ම රටවල් 15 අතරට ඇතුළත් වී තිබේ.
නවසීලන්තයට හිමි වූ ස්ථානය 11 වැනි ස්ථානයයි.
අපේ මව් බිම වුණු ලංකාවේ සතුට අඩුවෙන්න හේතුව මොකක්ද?
ආර්ථික අර්බුද, ජීවන වියදම ඉහළ යාම සහ අනාගතය පිළිබඳ පවතින අවිනිශ්චිතභාවය මෙම දර්ශකයේ පසුබෑමට ප්‍රධාන හේතු ලෙස හඳුනාගත හැකියි.
ජනතාවගේ සතුට කියන්නේ හුදෙක් සිනහවක්ම පමණක් නොවෙයි. එය රටක සාමාජීය ආරක්ෂාව, නිදහස සහ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ කැඩපතක්! ![]()
ඔබේ අදහස කුමක්ද? ඇයි අපේ මව්බිමේ මිනිස්සු මෙච්චර අසතුටින් ඉන්නේ? පහළින් Comment කරන්න. ![]()
නවසීලන්තයේ වෙසෙන ඔබ ඇත්තටම සතුටින්ද ඉන්නේ?

0 Comments