← BACKEconomy

නවසීලන්ත ආර්ථිකයට අනතුරු ඇගවීමක්!Fitch Ratings වල තත්වය Stable සිට Negative දක්වා වෙනස් වෙලා!

BY Dhanush•PUBLISHED MARCH 21, 2026•1 MIN READ•0 COMMENTS

🌿 නවසීලන්තය් ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් තියෙන, විශ්වාසදායක රටක්.
ඒත් අද, ලෝකයේ ප්‍රසිද්ධ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings එකෙන් නවසීලන්තයට අමුතුම පණිවිඩයක් නිකුත් කරල තියෙනවා… 📩

👉 “නවසීලන්තය ආර්ථිකය තවමත් යහපත්… නමුත් ඉදිරිය ගැන සැලකිලිමත් වෙන්න!”

📉 Ratings වල තත්වය “Stable” සිට “Negative” දක්වා මාරු වෙලාද?

කාලයක් පුරා නවසීලන්තයේ ආර්ථිකය “Stable” (ස්ථාවර) ලෙස සලකුණු කර තිබුණා ✔️

නමුත් මේ වනවිට…
👉 එය “Negative” (අනතුරු ඇඟවීම) ලෙස වෙනස් වෙලා තියනවා.⚠️

ඒ කියන්නේ දැනට නවසීලන්තයට ප්‍රශ්නයක් නැහැ… නමුත් ඉදිරියේ අවදානමක් තියෙනවා යන්නයි.

💰 කතාවේ ලොකුම හේතුව ණය……📊

👉 අද තියෙන ලොකුම ගැටළු වලින් එකක් තමයි රජයේ ණය බර වැඩිවෙලා තියන එක.

පසුගිය වසර කිහිපය තුළ වියදම් වැඩිවුණත් 📈
ආදායම එතරම් වේගයෙන් වැඩිවුණේ නැහැ 📉
‼️ඒ නිසා ණය බර ටිකෙන් ටික වැඩි වෙලා තියෙනවා.

🐢 ආර්ථිකයත් මන්දගාමී…..

👉🏻සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ වියදම් අඩු කරමින් යනවා.
👉🏻ව්‍යාපාරවල වර්ධනයත් තරමක් දුරට මන්දගාමී ස්වභවක් පෙන්නුම් කරනවා.
⚠️ඒ කියන්නේ රටේ මුදල් සංසරණය අඩු වෙලා තියෙනවා.

🌍 ලෝකයේ ගැටළු නවසීලන්තයටත් බලපානවාද?

ලෝකයේ තත්ත්වයත් සතුටුදායක මට්ටමක නැහැ 😟

රටවල් අතර යුද්ධ ⚔️
ඉන්ධන මිල ඉහළ යාම ⛽
වෙළඳපොළ අවිනිශ්චිතතාව 📉

👉 මේ සියල්ල එකතුවෙලා නවසීලන්ත ආර්ථිකයට පීඩනයක් ඇතිකරමින් සිටිනවා.

🏛️ රජයේ ප්‍රතිචාරය……

“තත්වය පැහැදිලියි. අපි මේක නැවත හදාගන්නවා” යනුවෙන් රජය පණිවිඩයක් නිකුත් කරල තියනවා…..

මුදල් ඇමති Nicola Willis වැඩිදුරටත් පවසන්නේ…. 👇

“අපි වියදම් අඩු කරනවා” ✂️
“අපි ණය පාලනය කරනවා” 📊
“අපි ආර්ථිකය නැවත ශක්තිමත් කරනවා” 💪

👉 රජය ඒ වෙනුවෙන් දැනටමත් විශාල වියදම් කප්පාදු කරලා තියෙනවා යනුවෙන්.

💡 කෙසේවෙතත් තවමත් සතුටුවෙන්න පුළුවන් මට්ටමක් තියෙනවා!

👉 නවසීලන්තයේ ප්‍රධාන රේටින් එක තවමත් “AA+” ✔️
ඒ කියන්නේ රට තවමත් ශක්තිමත්… ලෝකයට නවසීලන්තය විශ්වාසදායකයි

මෙය අර්බුදයක් නොවෙයි ❌
👉 අනතුරු ඇඟවීමක් පමණයි ⚠️

සරලව කියනවා නම් “අද හොඳයි… හෙට හොඳට තියාගන්න නම් අදම වැඩ කරන්න!” වගේ අදහසක්.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *