← BACKEconomy

නවසීලන්ත රජයත් ශ්‍රී ලංකාව ගිය පාරේ යයි.නවසීලන්තයේ බලශක්ති ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් වෙනස් කරන්න නව යෝජනාවක්.

BY DhanushPUBLISHED MARCH 22, 20261 MIN READ0 COMMENTS

මෙම මාතෘකාව මේ දිනවල ශ්‍රී ලංකාවෙත් උණුසුම් පුවතක්. ශ්‍රී ලංකා රජය විසින් පසුගිය දිනක ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක්කළා. ඒ අනුව එම මණ්ඩලය සම්ප්‍රේෂණ , බෙදාහැරීම ආදී ඊට අදාල ආයතන 6කට බෙදා වෙන් කරනු ලැබුවා. මේ හා සමානම පුවත් දැන් නවසීලන්තයෙනුත් ඇසෙනවා.

නවසීලන්තයේ උප අගමැති හා New Zealand First පක්ෂ නායක Winston Peters විසින් කළ “State of the Nation” කතාව අතරතුර, රටේ විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය විශාල ලෙස සංශෝධනය කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු පවසන්නේ මේ වනවිට විදුලිබල නිෂ්පාදනය සහ විකිණීම සමාගම් කිහිපයක් පමණක් පාලනය කරන නිසා ජනතාවට විදුලිය සදහා වැඩි මිලක් ගෙවීමට සිදුවන බවයි. ඒ නිසා විදුලිබල නිෂ්පාදනය කරන සමාගම් සහ විදුලිය අලෙවි කරන සමාගම් වෙන වෙනම ක්‍රියා කරන ලෙස පද්ධතිය වෙනස් කළ යුතු බව ඔහු ප්‍රකාශ කරනවා.

පීටර්ස් මහතාගේ අදහස අනුව, මේ වෙනස කළහොත් නව

👉🏻විදුලිබල මද්‍යස්ථාන ඉදිවෙමින්,
👉🏻නවීන පුනර්ජනනීය බලශක්තිය වැඩිවෙමින්,
👉🏻සමාගම් අතර තරඟය වැඩිවී,
👉🏻අවසානයේ ජනතාවට ලැබෙන විදුලිබල මිල සාධාරණ වනු ඇත.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, රටේ ආර්ථික තත්ත්වය මේ වනවිට අභියෝගයකට මුහුණ දී ඇති බැවින්, බලශක්ති ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම රටේ අනාගතයට අත්‍යවශ්‍ය බවයි.

මේ යෝජනාව ඉදිරි මැතිවරණයට පෙර රටේ ආර්ථිකය සහ ජීවන වියදම් අඩු කිරීම ගැන ජනතාවට දෙන වැදගත් පොරොන්දුවක් ලෙස දේශපාලන වටපිටාව තුළ දැඩි අවධානයට ලක්ව තියනවා.

නවසීලන්තෙ ඉන්න ඔබට දැන් කතා කරන්න මාතෘකා දෙකක් තියනවා.

  1. රටක ප්‍රධාන යටිතලපහසුකම් සපයන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම අනුමත කරන්න පුළුවන්ද?
  2. එය එක් එක් රටට අනුව වෙනස් වනවාද?

ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න.👇🏻💭

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *