
මැදපෙරදිග යුධ තත්වය හේතුවෙන් නවසීලන්තයේ ජීවන වියදමට දැඩි බලපෑමක් ඇති වී ඇත. ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ, ජනතාවට දෛනික ජීවිතය පවත්වා ගැනීම තවදුරටත් අපහසු වෙමින් පවතී.
මෙම තත්ත්වය අතරතුර, නවසීලන්ත රජය ප්‍රකාශ කරන්නේ ජීවන වියදම් අඩු කිරීමට සහාය ලබාදීමට සැලසුම් සකස් කරමින් සිටින බවත්, ලෝක ඉන්ධන අර්බුදයට මුහුණ දීම සදහා වැඩපිළිවෙළක්ද ඔවුන්ට ඇති බවය.
💸 ජීවන වියදම් සහනය ලැබෙන්නේ කාටද?
රජය පෙන්වා දෙන්නේ, මෙම සහාය සියලුම ජනතාවට නොව,
👉 සහනය දැඩිව අවශ්‍ය පිරිසට පමණක් (targeted support) ලබාදෙන බවයි.
👨👩👧👦 අඩු ආදායම්ලාභී පවුල් වලට ප්‍රමුඛත්වය.
📉 ජීවන වියදම් ඉහළ යාමෙන් බලපෑම් ඇතිවූ පිරිසට සහාය.
❌ සියලුම ජනතාවට පොදු මුදල් දීමක් නොමැත.
👉 මෙය රජයට අනුව “ඉතා වගකීම් සහගත තීරණයක්” ලෙස සැලකේ.
⛽ ඉන්ධන අර්බුදයට සදහා රජයේ සැලසුම කුමක්ද?
දැනට නවසීලන්තයේ ඉන්ධන සැපයුම සාමාන්‍ය පරිදි පවතින නමුත්, ඉදිරියේදී ගැටලු ඇතිවිය හැකි බවට අනතුරු ඇත.
🛢️ වර්තමාන තත්ත්වය කුමක්ද?
📦 දින 48 – 50කට පමණ ප්‍රමාණවත් ඉන්ධන සැපයුම ඇත.
🚢 නව ඉන්ධන නැව් තවමත් රටට පැමිණෙමින් පවතී.
⚠️ තත්ත්වය “අවදානම් මට්ටමකට” තවමත් ළඟා වී නැත.
🧭 මෙ මොහොතේ රජය ගන්නා ප්‍රධාන පියවර මොනවාද?
🌍 වෙනත් රටවල් වලින් ඉන්ධන ආනයනය කිරීම.
🔄 වෙනස් ගුණාත්මක ඉන්ධන භාවිතයට ඉඩ ලබාදීම.
📦 ඉන්ධන ගබඩා නීති සකස් කිරීම.
🤝 ඉන්ධන සමාගම් සමඟ සෘජු සම්බන්ධීකරණය.
මේ සඳහා විශේෂ කණ්ඩායමක්ද ස්ථාපිත කර ඇත….
📈 ඉන්ධන මිල කොපමණ මට්ටමකින් ඉහළ ගිහින්ද?
⛽ පෙට්‍රල් මිල ලීටරයකට සෙන්ට් 50+කින් ඉහළ ගොස් ඇත.
🚛 ඩීසල් මිල ලීටරයකට සෙන්ට් 90කට ආසන්නව ඉහළට ගොස් ඇත.
🧠 ජනතාවට රජයෙන් ලබාදෙන උපදෙස් ……
❌ අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කර නොගන්න.
🚗 අත්‍යවශ්‍ය ගමන් පමණක් යන්න.
👥 carpooling සහ public transport භාවිතා කරන්න.
ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ අවස්තාවේ තත්වය තේරුම්ගෙන උපදෙස් පිළිපදිමින් රජයට සහය වන ලෙසටයි.

0 Comments