← BACKEconomy

නව ක්‍රීඩාංගණය සහ වර්ධනය වන ආර්ථිකය.2026ට ශක්තිමත් ලෙස පිවිසෙන Christchurch සහ Canterbury.

BY DhanushPUBLISHED MARCH 24, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ දකුණු දූපතේ ප්‍රධාන ප්‍රදේශයක් වන ක්‍රයිස්ට්චර්ච්හි සහ නව ක්‍රීඩාංගණය, ආර්ථික වර්ධනය සහ නව ආයෝජන හේතුවෙන්
“2026ට ඉතා ශක්තිමත් ලෙස පිවිසෙන” බව ප්‍රදේශයේ නායකයන් පවසනවා.

🏟️ නව Te Kaha ක්‍රීඩාංගණය ප්‍රදේශයේ විශාල සංවර්ධනයක්.

“One New Zealand Stadium at Te Kaha” කියන නව ක්‍රීඩාංගණය
📍 ක්‍රයිස්ට්චර්ච් නගර මධ්‍යයේ ඉදිවෙමින් තිබේ.
👥 30,000ක පමණ ආසන ධාරිතාවකින් යුතුයි.
📅 2026 අප්‍රේල් මාසයේ විවෘත වීමට සැලසුම් කර ඇත.

👉 මෙය ක්‍රීඩා, සංගීත උත්සව සහ ජාත්‍යන්තර උත්සව ( International events) සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් කිරීමට නියමිතයි.

➡️ 2011 භූමිකම්පාවෙන් විනාශ වූ පැරණි ක්‍රීඩාංගණයට
නවීන, ලෝක මට්ටමේ ආදේශයක් ලෙස මෙය සැලකෙනවා.

📈 ආර්ථිකය ද වේගයෙන් වර්ධනය වෙමින් පවතී…

කැන්ටර්බරි ප්‍රදේශයේ ආර්ථිකය කෘෂිකර්මය, ඉදිකිරීම් සහ සේවා අංශ හරහා විශාලව වර්ධනය වෙමින් පවතිනවා.

🌾 කෘෂිකර්මය තනිවම බිලියන ගණනක දායකත්වයක් ලබාදෙනවා.
🏗️ නගරය නැවත ගොඩනැගීමේ ව්‍යාපෘති පටන්ගෙන තියනවා. (rebuild projects)
💼 ඒ හරහා නව රැකියා අවස්ථා බිහිවෙලා තියනවා.

👉 මෙය ප්‍රදේශය දිගුකාලීන වර්ධනයක් සඳහා සූදානම් බවට ඉගි පළකරනවා.

🚧 නව ආයෝජන සහ නගර සංවර්ධනය…..
👉🏻නව Infrastructure projects. (යටිතල පහසුකම්)
👉🏻නව ව්‍යාපාර සහ සේවා අංශ.
👉🏻නගර මධ්‍යයේ ජීවිතය නැවත ක්‍රියාශීලී වීම.

👉 මේ සියල්ල එකට එකතු වී ක්‍රයිස්ට්චර්ච් හා කැන්ටබරි නගර නැවත ජීවත්වීමට වඩා සුදුසු නගර බවට පත් කරලා තියෙනවා.

🎯 ප්‍රදේශනායකයන්ගේ අදහස් වලට අනුව

2026 වසර ආරම්භ වෙද්දී
✔️ ආර්ථිකය ශක්තිමත් වෙලා තියනවා.
✔️ ආයෝජන වැඩි වෙලා තියනවා.
✔️ ජනතාවට වැඩි අවස්ථා බිහිවෙලා තියනවා.

➡️ ඒ නිසාම වඩාත් ස්ථාවර මට්ටමකින් ප්‍රදේශය ඉදිරියට යනවා කියලා ඔවුන් විශ්වාස කරනවා.

Christchurch හා Canterbury ජීවත් වන ලාංකිකයින් මේ අදහසට එකග වෙනවද?

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *