← BACKEconomy

නවසීලන්තයේ රැකියා 41,000 ක් අහිමිවෙයි!වෘත්තීය සමිති සංගමයෙන් රජයට විවේචන.

BY DhanushPUBLISHED MARCH 30, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ ආර්ථිකය පිළිබඳ ගැටලු තවදුරටත් උණුසුම් වෙමින් පවතින අතර, පසුගිය වසර දෙක තුළ රැකියා 41,000කට අධික සංඛ්‍යාවක් අහිමිවී තිබෙන බව නවතම දත්ත හෙළි කරයි. මෙම තත්ත්වය රටේ ජනතාවගේ දෛනික ජීවිතයට දැඩි බලපෑමක් ඇති කරමින් ඇති පසුබිමල රජයේ ප්‍රතිචාර පිළිබඳවත් දැඩි විවේචන මතුවෙමින් පවතී.

📉 රැකියා අහිමිවීමේ විශාල ලෙඩ ඉහළ ගිහින්…

Stats NZ දත්ත අනුව, නවසීලන්තයේ රැකියා 41,465කට වඩා අඩුවී තිබේ. මෙම අඩුවීම එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා නොවී, ආර්ථිකයේ බොහෝ අංශවලට පැතිරී ඇත.

විශේෂයෙන් පහත ක්ෂේත්‍ර දැඩි ලෙස බලපෑමට ලක්වී ඇත:

👉🏻ඉදිකිරීම් (Construction) ක්ෂේත්‍රයේ රැකියා විශාල ලෙස අඩුවී ඇත.
👉🏻නිෂ්පාදන (Manufacturing) ක්ෂේත්‍රයත් දැඩි ලෙස පහත වැටී ඇත.
👉🏻තරුණයින්ගේ රැකියා අවස්ථා විශාල ලෙස අඩුවී ඇත.
👉🏻පිරිමි සේවකයින්ට වැඩි බලපෑමක් වී ඇත.

මෙම තත්ත්වය Auckland වැනි නගර සහ ප්‍රාදේශීය ප්‍රදේශ දෙකම ආවරණය කරමින් ව්‍යාප්ත වී ඇත.

🧑‍🏭 සේවකයින්ට පීඩනය වැඩිවෙයි!

රැකියා අහිමිවීම පමණක් නොව, තවදුරටත් රැකියා කරගෙන යන අයටද මේ වනවිට අපහසු තත්ත්වයක් උදාවී ඇත.

වැටුප් වැඩිවීම දිනෙන් දින ඉහළ යන ජීවන වියදමට සමාන නොවන නිසා, බොහෝ දෙනාට තම ආදායමෙන් ජීවිතය පවත්වාගෙන යාම අසීරු වෙමින් පවතී.

එම නිසා, ජනතාවට දැන් මුහුණ දීමට සිදුවන්නේ
👉 රැකියා හිඟය.
👉 ආදායම් අඩුවීම.
👉 ජීවන වියදම් ඉහළ යාම.

වැනි එකවර පැමිණි මේ ගැටලු සියල්ලටමයි.

⚠️ රජය වෙත එල්ල වන විවේචන….

මෙම තත්ත්වය පිළිබඳව නවසීලන්ත වෘත්තීය සමිති සංගමය (NZCTU) දැඩි විවේචන ඉදිරිපත් කර ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ, රැකියා අහිමිවීම නැවැත්වීමට හෝ නව රැකියා උත්පාදනයට පැහැදිලි සැලැස්මක් රජය සතුව නොමැති බවයි.

ඒ වෙනුවට, රජය බලාපොරොත්තු වන්නේ ගෝලීය ආර්ථික තත්ත්වය ස්වභාවිකවම යහපත් අතට හැරෙයි යන අදහස බව ඔවුන් වැඩි දුරටත් පවසයි.

🌍 අනාගතයේදී තවදුරටත් අභියෝග…

විශේෂඥයින් පෙන්වා දෙන්නේ, මේ දත්ත තවමත් පසුගිය කාලය පිළිබද පමණක් අනාවරණය කරන බවයි.

නමුත් ලෝකයේ දැනට පවතින තත්ත්වයන්, උදාහරණ ලෙස

👉🏻ඉන්ධන මිල ඉහළ යාම
👉🏻යුධ හා ආර්ථික අර්බුද

ඉදිරියේදී රැකියා වෙළඳපොළ තවදුරටත් පහළ යාමට ඉඩ ඇති බව පෙන්වයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *