← BACKEconomy

රන් – රිදී මිළ පහළට! කිරි, බැටළු සහ ගව මස් මිළඉහළට!

BY DhanushPUBLISHED FEBRUARY 5, 20261 MIN READ0 COMMENTS

2026 ජනවාරි අවසන් සතියේදී නවසීලන්ඩ් සහ ජාත්‍යන්තර භාණ්ඩ වෙළඳපොළවල විශාල වෙනස්කම් දක්නට ලැබෙන බව ASB බැංකුව නිකුත් කළ Commodities Weekly වාර්තාව කියනවා.


🔻 රන් සහ රිදී මිල දැඩි ලෙස පහළට
🔺 කිරි නිෂ්පාදන, බැටළු මස් සහ ගව මස් මිල ඉහළට


🇺🇸 ඇමෙරිකානු මහ බැංකුවේ නව සභාපති ලෙස Kevin Warsh පත් කිරීමෙන් පසු,


💛 රන් මිල ➝ 12%කට වඩා පහළට
🤍 රිදී මිල ➝ 36%කින් පහළට


මේකට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන්නේ ඔහුගේ දැඩි මුදල් ප්‍රතිපත්ති අදහස් නිසා ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීමයි.


🐑🐄 බැටළු සහ ගව මස් වෙළඳපොළේ නම් කතාව වෙනස්!
ඉල්ලුම ඉහළ යාමත් සමඟ,


📊 සතියකින් 2.7%කින් මිල ඉහළ ගොස්,
📈 වසරකට පෙර සමඟ බලද්දී 42%කට වඩා වැඩි වර්ධනයක් පෙන්වනවා.
🥛 කිරි වෙළඳපොළත් සුපිරි වේගයකින් ඉහළ ගිහින්!

Global Dairy Trade (GDT) වෙන්දේසියේදී,
🔹 සමස්ත කිරි මිල දර්ශකය ➝ 6.7%කින් ඉහළට
🔹 Whole Milk Powder සහ Skim Milk Powder මිලත් දැඩි ලෙස ඉහළ ගියා.
🌟 මේ හේතුවෙන් 2025/26 කාලය සඳහා Fonterra සමාගමට
👉 ගොවීන්ට ඉහළ කිරි මිලක් ලබා දීමට හැකිවෙයි කියලා ASB ආර්ථික විශ්ලේෂකයින් විශ්වාස කරනවා.

📌 ලෝක වෙළඳපොළ වෙනස් වෙද්දී – එහි ලාභය ලැබෙන්නේ කාටද?
👉 මේ ගැන ඔබේ අදහස comment කරන්න! 💬

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *