← BACKCrime

Breaking Newsකැනඩාවේ වෙඩි තැබීමක්.පුද්ගලයින් 10ක් ජීවිතක්ෂයට! 🇨🇦💔

BY Dhanush•PUBLISHED FEBRUARY 10, 2026•1 MIN READ•0 COMMENTS

​කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ Tumbler Ridge නමැති නිශ්ශබ්ද නගරය ලේ විලක් කරමින් සිදුවූ වෙඩි තැබීමකින්, සැකකරු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

​පොලිස් වාර්තාවලට අනුව,
උසස් පාසලක් තුළ පුද්ගලයින් 6 දෙනෙකු වෙඩි වැදී මියගොස් සිටියදී හමු විය.

​සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන නිවසක තිබී තවත් මළසිරුරු 2ක් හමුවී ඇත.

​තවත් පුද්ගලයෙකු රෝහලට රැගෙන යන අතරමගදී මියගොස් තිබේ.

​වෙඩික්කරු ද තමාටම වෙඩි තබාගෙන මියගොස් සිටියදී හමුවූ බව රාජකීය කැනේඩියානු පොලිසිය (RCMP) තහවුරු කරයි.

​තවත් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර, දැනට මහජනතාවට තවදුරටත් තර්ජනයක් නොමැති බව බලධාරීන් පවසයි.

​”අපගේ සියලු ප්‍රාර්ථනාවන් Tumbler Ridge හි ජනතාව සමඟයි…”

  • බ්‍රිටිෂ් කොලොම්බියා මහජන ආරක්ෂක ඇමතිනී නිනා ක්‍රීගර්.

​අතිශය දුෂ්කර ප්‍රදේශයක පිහිටි මෙම කුඩා නගරය, මේ වන විට මුළු කැනඩාවම කම්පනයට පත් කර ඇති ශෝකී පුවතක කේන්ද්‍රස්ථානය වී හමාරයි. 🕯️🙏

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *