← BACKEducation

පාඨමාලාව අසමත් වූවත් – විශ්වවිද්‍යාලය $8,000ක් ආපසු ගෙවීමට නියෝග!

BY DhanushPUBLISHED FEBRUARY 22, 20261 MIN READ0 COMMENTS

😳නවසීලන්තයේ Disputes Tribunal විසින් වැදගත් තීන්දුවක් ලබාදී තිබේ.

පාඨමාලාවක් අසමත් වූ ශිෂ්‍යාවකට විශ්වවිද්‍යාලය $8,000ක ගාස්තුව ආපසු ගෙවීමට නියෝග කර ඇත.

📚 සිද්ධිය සිදුවුණේ මෙහෙමයි

👉🏻එම ශිෂ්‍යාව මාස්ටර්ස් උපාධියක් සම්පූර්ණ කර, ඩොක්ටරල් (PhD) වැඩසටහනකට ලියාපදිංචි වූවා.

👉🏻එම වැඩසටහනට ඇතුළත් වීමට Research Methodology විෂයයක් අවම වශයෙන් B ශ්‍රේණියක් සමඟ සමත් විය යුතුය.

👉🏻ඇය එම විෂයය අසමත් වූ අතර, ඒ නිසා ඇයගේ PhD ලියාපදිංචිය අවලංගු කරනු ලැබුවා.

👉🏻විශ්වවිද්‍යාලයට ගෙවූ $8,000 ගාස්තුව ඇයට ආපසු නොදුන්නා.

⚖️ ඇය ට්‍රිබියුනලයට ගියේ ඇයි?

ශිෂ්‍යාව පැවසුවේ:

👉🏻ඇයට පවුල් අවමංගල්‍ය කිහිපයකට සහභාගී වීමට සිදු වූ බව.

👉🏻ඇය Civil Defence සේවාවලටද සහභාගී වූ බව.

👉🏻මේ හේතුවෙන් අධ්‍යයන කටයුතු අඩාල වුණත්,

👉 විශ්වවිද්‍යාලයෙන් ප්‍රමාණවත් “pastoral care” (ශිෂ්‍ය සහාය) නොලැබුණු බව ඇය කියා සිටියා.

💁🏻‍♂️ඇය ඉල්ලා සිටියේ:

👉🏻$8,000 ආපසු ගෙවීම

👉🏻නැවත ලියාපදිංචි කිරීම

👉🏻සමාවක්

👉🏻$30,000 ක වන්දියක්

🧑‍⚖️ ට්‍රිබියුනලයේ තීන්දුව

✅ වැදගත් කරුණු:

👉🏻විශ්වවිද්‍යාලය තමන්ගේම ශිෂ්‍ය සහාය ප්‍රමිතීන් පූර්ණ නොකළ බව ට්‍රිබියුනලය සඳහන් කළා.

👉🏻“Pastoral care” සම්බන්ධයෙන් පැහැදිලි නිර්වචනයක්වත් නොතිබුණා.

👉🏻විශේෂිත ශිෂ්‍ය සහාය සේවාවක් නොමැතිව, ඇයට උපදෙස් ලබාදුන්නේ ඇයව ඇගයූ (assess කළ) අධ්‍යයන කාර්ය මණ්ඩලය විසින්මයි.

👉🏻මෙය සළකාබැලිය හැකි ගැටුම් තත්ත්වයක් (conflict of interest) බව සඳහන් වුණා.

💰 අවසාන තීරණය

👉 ශිෂ්‍යාවට $8,000 ගාස්තුව ආපසු ගෙවීමට නියෝග කෙරිණි.

❌ නමුත්, නැවත ලියාපදිංචි කිරීම, සමාවක් ලබාදීම හෝ $30,000 වන්දිය ලබාදීම සඳහා නියෝග කිරීමට ට්‍රිබියුනලයට බලයක් නොතිබුණි.

ඔබත් මෙවැනි අවස්ථා වලට මුහුණදී ඇත්නම් මේ ගැන දැනුවත් වීම ඉතා වටිනවා. මෙවැනි ක්‍රමවේදයක් නවසීලන්තයේ තිබුණු බව ඔබ කලින් දැනසිටියාද?

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *