← BACKCulture

“අපි සැබෑ ලෙසම නිදහස් ද?” — 78 වැනි ශ්‍රී ලංකා නිදහස් දිනය අදයි.

BY Dhanush•PUBLISHED FEBRUARY 3, 2026•1 MIN READ•0 COMMENTS

පාසැල් පෙළ පොතේ,රූපවාහිනියේ දකිනවා වගේ “නිදහස් දිනය” රථ පෙළපාලි, ධජ එසවීම, ජනපති කතාවකට විතරක් ලඝු කරන්න පුළුවන්ද?

සැබෑ නිදහස කියන්නේ ජීවිතයේ, සමාජයේ හා ජාතියේ සුවතාවය අත්විඳින අයිතියක්.ඒක රටක් ලෙස තවත් බාහිර පාලනයෙන් මුදාගැනීමම නෙවෙයි. එය අයිතියක්, වගකීමක් වගේම සාමුහිකව භුක්තිවිදිය යුතු දෙයක්.

මෙය 78 වැනි නිදහස් දිනය වෙනුවෙන්, අපේ රටට, අපේ ජනතාවට හා අපේ අනාගතයට සත්භාවයෙන් සෙත්පතා ගෞරවයෙන් යුතුව ලියන ලිපියක්.

🇱🇰 1. අපේ දිවියට අරුතක් දුන් ජාතික මාවත

ශ්‍රී ලංකාවට නිදහස හිමිවුනේ 1948 පෙබරවාරි 4 දිනයි. එදින ඉතිහාසයට තවත් වැදගත් අවස්ථාවක් උදාවුණා. අපේ රටට තිබුන බෞද්ධ, සංස්කෘතික හා භූගෝලික වටිනාකම් ආරක්ෂා කරගෙන යාමට හැකි නව මාවතක් විවෘත උනා.

පෙර පැවති;

👉🏻විදේශ පාලනය

👉🏻දේශීය අවශ්‍යතා වලට අඩු වටිනාකමක් හිමිවීම

👉🏻අධ්‍යාපනය සහ සමාජ අයිතිවාසිකම් සීමිත වීම

ඇතුළු ජාතික අභිවෘද්ධියට පාර ඇහිරූ බොහෝ හේතු මර්දනය කර

👉🏻පාසැල් හා විශ්වවිද්‍යාල වල ආරම්භය

👉🏻දේශීය කලාව, භාෂාව හා සංස්කෘතිය ප්‍රවර්ධනය

👉🏻ජනතා අයිතිවාසිකම් වර්ධනය හා ආරක්ෂාවීම

ඇතුළු බොහෝ කාරණා ඔස්සේ රටක් ලෙස දියුණුව ලැබූ සන්දිස්ථානයක් වුනා.

🇱🇰 සැබෑ නිදහසක අර්ථය කුමක්ද?

සැබෑ නිදහස කියන්නෙ:

✅ ස්වයිරීභාවය

✅ මනුෂ්‍ය අයිතිවාසිකම් සුරැකීම

✅ ජාතියක් ලෙස එකමුතු බව

✅ සමාජය තුළ සාධාරණ හා සාමකාමී ජීවිතයක් ගතකිරීමට ඇති හැකියාව.

නමුත් බොහෝ වෙලාවට අපි හිතනවා “යටත් පාලනයෙන් මුදාගත්තම වැඩේ අවසන්, දැන් අපි නිදහස් කියලා. නමුත් සැබෑ අර්ථයෙන්ම ලංකාව ඇත්තටම නිදහස්වන්නේත්, ජයගන්නේත්, අධ්‍යාත්මික හා ආර්ථික වගකීම් ඉටු වෙද්දි නොවේද?

🌱 78 වැනි නිදහස් දිනය ලබද්දි අපි ඉන්නෙ කොහෙද?

අපිට අද තියෙන්නේ:

🟢 ජාතික හැඳුනුම්පතක්

🟢 විවිධ සංස්කෘතික උරුමයන් හා වටිනාකම්

🟢 අයිතිවාසිකම් හා එයට සම්බන්ධ නීති පද්ධතියක්

🟢 ජාතික ආර්ථිකය වෙනුවෙන් ගන්නා වැඩපිළිවෙලක්.(උත්සහයක් කිව්වොත් නිවැරදියි)

නමුත් අපිට තවමත් අභියෝග රාශියක් තියනව:

🔹 සමාජ එකමුතුභාවය

🔹 ආර්ථික ස්ථායී භාවය

🔹 වත්මන් ලෝකයේ තරඟකාරීත්වය ජයගැනීම

ඒවාට උත්තර දීමට අධ්‍යාපනය, නවෝත්පාදනය, දැනුම හා ශ්‍රමය කියන්නෙ ඉතා වැදගත් සාධකයන්.

➡️සීමා නොවන අයිතියක් සමාජයට, අනාගතයට සහ ජාතියේ අභිමානයට උදාකරදීම

➡️ ඉතිහාසයේ වූ විරුවන්ගේ ඒ මහා ජනතා පරිශ්‍රමය සිහි කිරීම

➡️ අනාගතය වෙනුවෙන් එක්ව සිහිනදැකීම, ඒ සිහින යථාර්ථයක් කරගැනීමට වෙරදැරීම.

➡️සාමය, එකමුතුභාවය සහ අනාගත ජයග්‍රහණ.

මේ සියල්ල එකතු වූ තැන “සැබෑ නිදහස” නොවේද?

අවසන් වශයෙන්,

“78 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු” කිව්වට

ඒ වචන වලට සැබෑ අභිමානයක් එකතුකිරීම,

මෙය කියවන ඔබට, ලියන මට මෙන්ම සියලු ලාංකිකයන්ට, තමන් ඉපදුන දේශය වෙනුවෙන් කළ හැකි පරම යුතුකම නොවේද?

✨ ඔබ සැමට 78 වැනි ශ්‍රී ලංකා නිදහස් දිනය වෙනුවෙන් සුබ පතමි! 🇱🇰✨

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *